හෙට 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අබුඩාබියට

Date:

අබුඩාබි හි පැවත්වෙන තුන් කොන් එක්දින තරගාවලියක් සහ ඇෆ්ගනිස්තානය සමඟ පැවත්වෙන එක් දින තරගාවලියක් සඳහා සහභාගී විමට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.මේ වන විට ක්‍රිකට් තේරිම් කමිටුවේ තේරීම් සමබන්ධයෙන් එකඟතාවය පළවෙන ලිපිය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබී නැතත්,හෙට අවුරුදු 19 න් පහළ කණ්ඩායම දිවයිනෙන් පිටත් කර යැවීම සඳහා සියල්ල සූදානමින් ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.

පළමුව ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය සහභාගිවන එක් දින තරගාවලිය ඇරඹෙන අතර එම තරගාවලිය අරඹඹින් මාර්තු 20 වන දින පළමු තරගයට සහභාගී වන්නේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශ කණ්ඩායමය.දෙවන තරගයට 22 වන දා ඇෆ්ගනිස්තානය සමඟ මුහුණ දෙන ශ්‍රී ලංකාව 26 වන දා ත් 18 වන දා ත් නැවත පිළිවෙලින් බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමඟ තරග බිමට පිවිසෙන්නට සූදානම් ය.

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රි ලංකාව අතර පැවත්වෙන තරගාවලියේ පළමු තරගය අප්‍රේල් පළමු වන දා සහ දෙවන තරගය අප්‍රේල් 2 වන දා පැවත්වෙනු ඇත.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...