වන්දනා ගමන් යන අයට පණිවිඩයක්

Date:

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ ආහාර විෂවීමකින් බවට සැකකෙරෙන බවයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ ආහාර විෂවීම් සහ බැක්ටීරියා ආසාදන යැයි හඳුනාගත් තවත් රෝගීන් 10 දෙනෙකුද මේ වනවිට වාර්තා වී ඇති බවය.

මේ අතර ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට නිරතවන සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරමින් ඒ මහතා පවසා සිටියේ සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර පිළිවෙත් අනුගමනය කරන ලෙසය.

එසේම ඔහු මහජනතාවගෙන් ඉල්ලන්නේ හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසට වග බලා ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...