රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ අත්අඩංගුවට

Date:

මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ ව අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණු අතර බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් එම තහනම පැනවීය. අවිස්සාවේල්ල අධිකරණ සංකීරණය අසල මාර්ගයේ මෝටර් රථයක් තුළ රැඳීසිටියදී අද දහවල් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.පසුගිය 24 වනදා සැකකරු විදේශගතවීමට උත්සාහ ගැනීමේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට පත්කර තිබියදී සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පළාගොස් තිබුණි.

බූරු මූණා නැමැත්තා මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට ද වාර්තා වෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...