මඩ ගගහ ඉන්න අපිට ඕන නෑ.අපි යන්නේ ප්‍රතිපත්තියකට – නාමල් (VIDEO)

පක්ෂයක් ලෙස ඕනෑම මැතිවරණයකට සූදානම් අතර කිසිවෙකුට හෝ මඩ ගගහ සිටීමට අවශ්‍ය නැති බවත් පක්ෂයක් ලෙස ගමන් කරන්නේ ප්‍රතිපත්තියකට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, ඊයේ (17) එළඹෙන 19 වැනිදායින් පසු විසුරුවා හැරෙන පළාත් පාලන ආයතන සහ එම මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සංචාරක කර්මාන්තය, ආර්ථිකය ශක්‌තිමත් වීම ආරම්භ වී තිබෙන මොහොතක සංචාරකයින් පැමිණෙන ස්ථාන සොයා ගොස් උද්ඝෝෂණ කළ පමණින් මැතිවරණයක් පවත්වාගත නොහැකි බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ මුදල් නිසානම් සියලු දෙනා එකතු වී කළ යුත්තේ ආර්ථිකය ගොඩදාගැනීම බවද ඔහු සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...