රුපියල් ලක්ෂයක් යනු අද ධනපති වැටුපක් නොවෙයි – ඉරාන් වික්‍රමරත්න

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ රුපියල් ලක්ෂයක් යනු අද ධනපති වැටුපක් නොවන බවත් ප්‍රවාහන ගාස්තු, විදුලිය හා ජල බිල දරුවන්ගේ අධ්‍යාපන වියදම් සැලකිල්ලට ගත් කළ මධ්‍යම පාන්තික සාමන්‍ය පවුලක මාසික වියදමට ප්‍රමාණවත් නොවන තරම් බවත්ය.

එහිදී තවදුරටත් කතා කළ හෙතම මෙසේ ද කීය.

අප මුල සිටම ප්‍රකාශ කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර ලබා ගැනීම හරහා යම් කිසි මූල්‍ය විනයක් සහිත පාලනයක් රටෙ සිදුවන බවට ජාත්‍යන්තර වෙළෙඳ පොළට පණිවිඩයක් යනවා. ඒ හරහා අනෙකුත් රටවල් හා සංවිධාන හරහා ද අපට අධාර ලබා ගනීමට හැකිවෙනවා. එහෙත් රජය ජා.මූ. අරමුදල සමඟ පැවති නිලධාරී මට්ටමේ සාකච්ඡාවේ කරුණු මේ රටේ ජනතාවට හෙළි කළ යුතුයි. ඒවා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස අපි රජයට බලපෑම් කරනවා. රාජ්‍ය පාලනයේ විනිවිදභාවයක් තිබිය යුතුයි. කූට ලෙස තම කටයුතු මෙතෙක් පවත්වාගෙන ගිය නිසයි රටේ දූෂණය හා අක්‍රමිකතා බහුලව සිදු වූයේ. මේවා තවදුරටත් වක්‍ර ආකාරයට සිදු කරන්නට ඉඩදීමට නොහැකි යැයි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ රජය හා මූල්‍යය අරමුදල අතර ඝට්ටනය තිබෙන්නේ ආදායම ලබා ගත යුත්තේ කාගෙන්ද ? ගන්නේ කුමන පාර්ශවයෙන්ද? ඒ සඳහා වන ක්‍රමවේදය කුමක්ද? ගත යුතු බදු ප්‍රමාණය කීයද? බදු විරාම ප්‍රමාණය කීය ද? ප්‍රතිශතය කීයද? යන්නයි. රජයේ කාර්යයන්හි විනිවිදභාවයක් නොමැති බැවින් ඒවා දැන් රටේ විවාදයට ලක් වෙමින් තිබෙනවා.

රජයේ බදු ක්‍රමයට එරෙහිව අද මිනිසුන් පාරට තල්ලුවෙලා ඉන්නේ. 2019 පැවති බදු විරාම සීමාව ලක්ෂය. අදත් එසේමයි, එහෙත් එද සහ අද අතර ආහාර උද්ධමනය 100% වැඩිවෙලා. සාමාන්‍ය උද්ධමනය 60% ට වැඩි වූ අතර දැන් එය 53% දක්වා අඩු වී ඇත. ආර්ථික විද්‍යාව අනුව මුදලේ වටිනාකම උද්ධමනයේ ප්‍රමාණයට සාපෙක්ෂව 60% කින් පමණ අවප්‍රමාණය වෙලා තිබෙන්නේ. කෙටියෙන් පවසන්නේ නම් රුපියල් ලක්ෂයකින් 2019 දී මිලදී ගත් භාණ්ඩවලින් අඩක් පමණයි 2023 දී මිලදී ගත හැකිවන්නේ. ඒ අනුව පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ ශක්තිය හීනවී තිබෙනවා.

රුපියල් ලක්ෂයක් යනු අද ධනපති වැටුපක් නොවෙයි. ප්‍රවාහන ගාස්තු, විදුලිය හා ජල බිල දරුවන්ගේ අධ්‍යාපන වියදම් සැලකිල්ලට ගත් කළ මධ්‍යම පාන්තික සාමන්‍ය පවුලක මාසික වියදමට ප්‍රමාණවත් නොවන තරම්. එනිසා වැඩ කරන ජනතාව බිත්තියට හිර නොකර බදු විරාම සීමාව රුපියල් ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා වැඩිකරන ලෙස සමගි ජන බලවේගය රජයට බලපෑම් කරනවා

යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...