චිප් හිඟයට පිලියමක්

Date:

ගෝලීය චිප් හිඟය මධ්‍යයේ Semiconductor හෙවත් අර්ධ සන්නායක නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ අර්ධ සන්නායක නිපැයුම් තොග පහත වැටෙනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබේ.සමාගම් 150කට අධික සංඛ්‍යාවක් ආශ්‍රයෙන් සිදු කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වි තිබේ.කොවිඩ් වසංගතය අතරතුර විද්‍යුත් උපාංග අලෙවිය ඉහළ ගිය අතර, අර්ධ සන්නායක නිෂ්පාදකයින් ඉල්ලුමට සරිලන නිශ්පාදන සඳහා දැඩි වෙහෙසක නිරත වේ.
මෙම හිඟය හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රධාන කර්මාන්ත සඳහා විශාල බාධා ඇති වී තිබේ.ලොව පුරා මිලියන ගණනක් කාර්මික නිෂ්පාදන එනම් කාර්, රෙදි සෝදන යන්ත්‍ර, ස්මාර්ට් ෆෝන් සහ තවත් බොහෝ දේ Semiconductor හඳුන්වන මෙම චිප්ස් මත රඳා පවතී.නමුත් Semiconductor සඳහා ඇති ඉල්ලුම පසුගිය වසරේ 2019 ට වඩා 17% කින් ඉහළ ගොස් ඇති බව පර්යේෂණයෙන් හෙළි විය.

මේ අතර, පසුගිය ජුනි මාසයේදී අමරිකානු සෙනෙට් සභාව විසින් සහන අරමුදල් අනුමත කිරීමෙන් පසු, චීනය සමඟ එක්සත් ජනපදයේ තරඟකාරිත්වය වැඩි කිරීමට මෙන්ම Semiconductor නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත පර්යේෂණ සඳහා ඩොලර් බිලියන 52 (පවුම් බිලියන 38.5 ක්) වියදම් කිරීමේ ඉලක්කගත නීතිමය වැඩ පිලිවෙලක් පසුගියදා එක්සත් ජනපද House Democrats එළිදක්වන ලදී .

එසේම අමරිකාවේ ඔහියෝ හි ලොව විශාලතම චිප් නිෂ්පාදන සංකීර්ණය තැනීමට ඩොලර් බිලියන 20ක් ආයෝජනය කරන බව පසුගිය සතියේ ඉන්ටෙල් ආයතනය ප්‍රකාශ කළේය.පසුගිය නොවැම්බරයේදී Samsung නිවේදනය කළේ එහි නව ඩොලර් බිලියන 17ක පරිගණක චිප් කම්හල සඳහා ටෙක්සාස් හි එක්සත් ජනපදයේ ටේලර් නගරයට ආසන්න ස්ථානයක් තෝරාගෙන ඇති බවයි.

SAHAN HEWAGAMAGE – OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් චන්දිමාල් සහ කුසල් ශ්‍රී ලංකාව ලකුණු 211 ක් ඉදරියෙන් තබයි

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහභාගි වන...

මුහුදු මාර්ගයෙන් ගෙන ආ මත් කරල් තොගයක් කල්පිටියෙන් සොයා ගනී!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW : කන්දකුලිය, තුඩාව වෙරළට...