අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව යළි රැස්වේ.

Date:

තාවකාලික සභාපතිවරයෙක් යටතේ ඊයේ දිනයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අතර අද (21) දිනයේ ද යළි රැස්වීමට නියමිතව තිබේ. ඊයේ සම්මත කර ගැනීමට නොහැකි වූ පනත් කිහිපයක් පිළිබඳව අද දිනයේ යළි සලකා බැලීමට තීරණය කර ඇති බව පැවසේ.

මේ අතර 09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය සඳහා වන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව පළමු වරට අද රැස්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා නව සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිත බවත් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබේ.නීති අධ්‍යාපන සහ ආඥා පනත යටතේ ගැසට් පත්‍රයේ පළකර ඇති රීති අද දිනයේ විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිත අතර ඊට අමතරව අද දිනයේ ඛනිජ සම්පත් පනත යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති නියෝග පිළිබඳව ද විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...