ඇයි මේ සැරේ ඡන්දේ නැති වෙන්නේ? ඒගොල්ලන්ට ඡන්දේ නෑ. මාලිමාව ජයගන්න නියමිතව තිබුණා. බලය ලැබෙන්නේ නැතිනම් ඒගොල්ලන්ට තවදුරටත් ඡන්ද වැඩක් නෑ – අනුර

Date:

සටහන – රෂිකා හෙන්නායක.

“විසඳුම මාලිමාව” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ පානදුර ජන රැලිය එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,

“දැන් පසුගිය ජනාධිපතිවරණ ඡන්දය බැලුවොත් අපි ගම්වලට ඇවිත් කියනවා මේ රාජපක්ෂලා හොරකම් කළා, රට විශාල කඩා වැටීමකට ලක් කරලා කියලා අපි 2019 ජනාධිපතිවරණ වේදිකාවේ කියනවා. හැබැයි ඡන්දේ, ඡන්දේ අපිට 3% ක් ලැබුණා. ඒ අයට ලක්ෂ 69ක ලැබුණා. එතකොට ඒගොල්ලෝ මොකක්ද කියන්නේ. ඔයාලා හොරකම් කරනවා කිව්වාට ජනතාව අපිට ඡන්දේ දුන්නා. තමන්ගේ දූෂිත හා විනාශකාරී පාලනයට සුජාතභාවය ගත්තේ ජනතාව අනුමතකර ඇති මැතිවරණ ප්‍රතිඵලයෙන්. ඡන්ද ඕනේ වෙලා තිබුණේ ඒගොල්ලන්ට. ඇයි මේ සැරේ ඡන්දේ නැති වෙන්නේ. ඒගොල්ලන්ට ඡන්දේ නෑ. මාලිමාව ජයගන්න නියමිතව තිබුණා. බලය ලැබෙන්නේ නැතිනම් ඒගොල්ලන්ට තවදුරටත් ඡන්ද වැඩක් නෑ. ඒකනේ පෙන්නන්නේ. අපි කිව්වා රනිල් වික්‍රමසිංහට වරමක් නැහැ. ඔව් ජනවරමක් නැති එක ඇත්ත. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ ව්‍යවස්ථාවෙන්. ඒ කරලා හැම වේලාවේම අපිට මොකක්ද ව්‍යවස්ථාව තමා උත්තරීතර කියනවා. දැන් ව්‍යවස්ථාව කඩලා තියෙන්නේ කවුද ඒගොල්ලෝ. ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ ව්‍යවස්ථාව ඇතුළේ බලය රැකෙනකම් විතරයි. ඇයි දැන් මේ පස්සට අදින්නේ. මොකක් නිසාද? දීර්ඝ කාලයක් ඒගොල්ලන්ගේ අතේ තිබුණු බලය පොදුජන ව්‍යාපාරයකට මාරුවීමට නියමිත නිසා තමයි මේ වැඩේ කරන්නේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය