විගණන කටයුතුවලට බාධා – විගණකාධිපති

සටහන – රෂිකා හෙන්නායක

විගණකාධිපති ඩබ්ලිව්. පී .සී. වික්‍රමරත්න මහතා පවසන්නේ, රජයේ ආයතන රැසක මූල්‍ය ප්‍රකාශන නියමිත කාලසීමාවේදී භාර නොදීමෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවයි.

ඔහු සඳහන් කළේ, රාජ්‍ය ආයතන සෑම වසරකම පෙබරවාරි 28 වැනි දින වන විට සිය මූල්‍ය ප්‍රකාශයන් විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.අදාළ රාජ්‍ය ආයතන භාර, අමාත්‍යංශ ලේකම්වරුන් විසින් එම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වන අතර විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඇතැම් රාජ්‍ය ආයතන වසර 5 ක මුල්‍ය ප්‍රකාශ එකවර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, එය නිවැරදි ක්‍රියාවලියක් නොවන බැවින් තමාට එම වාර්තා භාර ගැනීමට නොහැකි බව ද, විගණකාධිපතිවරයා සඳහන් කළේ ය.

මූල්‍ය ප්‍රකාශයන් භාරදීම ප්‍රමාදවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මෙරටට ණය ප්‍රදානය කිරීමේදී පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට ද බාධා එල්ල විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...