ක්ෂීරපථයේ භ්‍රමණය වන නාඳුනන වස්තුවක් සොයා ගනී

0
587

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ ක්ෂීරපථයේ භ්‍රමණය වන නාඳුනන වස්තුවක් තමන් විසින් සොයාගෙන ඇති බවත් එය පෙර දුටු දෙයට වඩා වෙනස් බවත් ය.

ඒරට විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් ප්‍රථම වරට සොයා ගන්නා ලද මෙම වස්තුව, සෑම විනාඩි 18 කට වරක් සම්පූර්ණ මිනිත්තුවක් සඳහා විශාල තරංග ආයාමය විදුලි ශක්තියක් නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇත.

අපගේ විශ්වයේ ශක්තිය ස්පන්දනය වන වස්තූන් බොහෝ විට නිරීක්ෂණයන් සඳහා ලේඛනගත කර ඇත. නමුත් පර්යේෂකයන් පවසන්නේ මිනිත්තුවකට වරක් ක්‍රියාත්මක වන මෙම තත්වය ඉතා අසාමාන්‍ය බවයි.

පර්යේෂණ කණ්ඩායම තව දුරටත් නිරීක්ෂණය කෙරෙමින් පවති.

මෙම වස්තුව මුලින්ම සොයාගනු ලැබුවේ Murchison Widefield Array ලෙස හැඳින්වෙන බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රදේශයේ Curtin විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය Tyrone O’Doherty විසින්, ඔහු විසින් නිර්මාණය කරන ලද දුරේක්ෂයක් සහ නව තාක්‍ෂණයක් භාවිතා කරමිනි.

ගුවන්විදුලි තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (the International Centre for Radio Astronomy Research -ICRAR) කර්ටින් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් විසින් මෙම කණ්ඩායම මෙහෙයවයි.

ICRAR සඳහන් කළේ, වසර ගණනාවක දත්ත නරීක්ෂණයෙන් පසුව පසුව, මෙම වස්තුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4,000 ක් පමණ දුරින් ඇති බවත්, ඇදහිය නොහැකි තරම් දීප්තිමත් වන අතර අතිශයින් ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් ඇති බවත් තහවුරු කර ගැනීමට සිය කණ්ඩායමට හැකි වූ බවයි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here