*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

මහේලගේ වගකීම සංචාරය කිරිමට වඩා පළල් – ශ්‍රී ලංකා ක්‍රිකට්

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ නවසීලන්ත සංචාරයට එක්ව නොසිටිම ගැන අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් පෙන්වා දෙන්නේ ඔහු එවැනි සංචාරවලට එක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තිරණ හරහා පමණක් බවයි.කණ්ඩායම සමඟ සංචාරය කිරිම ඔහුගේ උපදේශක පුහුණුකරු තනතුරේ කාර්යය නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට්,ඔහුට පැවරි ඇති වගකිම ඊට වඩා පළල් එකක් බව පෙන්වා දෙයි.


උපදේශක පුහුණුකරු යන්න සමස්ත කාර්යභාරයට වග කියන පුළුල් වගකීමක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පැහැදිළි කරන්නේ ජාතික කණ්ඩායමේ පුහුණු කටයුතුවලට උපදේශනය ලබා දීම ඔහුට පැවරී ඇති එක් වගකීමක් පමණක් බවයි.උපාය මාර්ගිකව අනාගත සාර්ථකත්වය වෙනුවෙන් ජාතික ක්‍රිකට් සූදානම් කිරිම, ඔහුට පැවරී ඇති මිල කළ නොහැකි වගකීමක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් දේශිය ක්‍රිකට් ව්‍යහුය ශක්තිමත් කිරිම සහ සංවර්ධනය කිරීම කෙරෙහි ද වගකීම ඇත්තේ ඔහු සතුව බව පවසයි.


අවුරුදු 19 න් පහළ කණ්ඩායම්,සංවර්ධන කණ්ඩායම්,ජාතික කණ්ඩායම් මෙන්ම ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රිඩකයින් සහ කළමණාකාර කණ්ඩායම් වෙනුවෙන් ව්‍යහුයමය වශයෙන් නැවුම් ජයග්‍රාහී දිශානතියන් හඳුන්වා දක්වා මහේලගේ වෘත්තීය වගකීම් පුළුල්ව විසිරී සිටින බව පැහැදිළි කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම් සමඟ ඔහු සංචාරය සඳහා එක් කිරිමේ සහ නොකිරිමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරෙහි ඇති වගකීමක් බව පෙන්වා දෙන්නේය.


මේ වගකීම දැරිම වෙනුවෙන් මහේල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැටුප් ලැබෙන වගකීමක් බව ප්‍රතික්ෂේප කර ඇති බව ඔහුම පවසා ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ සංචාරයට එක්වීම ගිය පුළුල් වගකීමක් ඔහු ජාතික ක්‍රිකට් වෙනුවෙන් දරමින් සිටින බව පෙන්වා දෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan