“ආනන්දාභිමානී සම්මානය” ආදි ආනන්දියකු වන කරු ජයසූරිය මහතාට ජනපති අතින්!

ආදි ආනන්දියකු වන කරු ජයසූරිය මහතා වෙත ආර්ථික, ආගමික, සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක් ලබා දෙන ආනන්දාභිමානී සම්මානය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිරිනමනු ලැබිණි.

එම සන්නස් පත්‍රයේ මෙසේ සටහන් වී තිබිණි……

ස්ව ශක්තියෙන්, ස්වෝත්සාහයෙන් නැඟී සිටිමින් අනලස්ව, අනල්ප ව ධාර්මිකව, සැදී පැහැදී රෑ දිවා වෙහෙසී සිය නිජබිම, ජාතිය, ආගම, භාෂාව ජන සමාජය කෙරෙහිඉමහත් සැදැහැ ගුණ නුවණින් අප්‍රමාණව ක්‍රියා කරමින් තම දෙගුරුන්ට ද, තමන් ශිල්ප ශාස්ත්‍ර හදාළ ශ්‍රී ලාංකික බෞද්ධ අධ්‍යාපනයෙහි මුදුන් මල්කඩ බඳු වූ කොළඹ ආනන්ද විද්‍යාලයට ද යශෝ කීර්තිය අත්පත් කර දුන්, උපන් රටේ සහජීවනය, සංහිඳියාව උදෙසා කැපවෙමින් අධ්‍යාපනික, ආර්ථික, සමාජයීය දේශපාලනික හා සංස්කෘතික ක්ෂේත්‍රයන් හි අභිවර්ධනය නගමින් අගතියෙන් තොර ව සත්‍යවාදීව මැතිසබයේ කථානායක ධුරය හොබවමින් පරමාදර්ශීය ඇවතුම් පැවතුම් පළ කල ශ්‍රී ලංකාභිමාන්‍ය නාමධාරී “කරු ජයසූරිය” සුධීමතාණන් වෙත “ආනන්දාභිමානී” වීර සම්භාවිත ගෞරව නාම අභිනන්දනය මෙසේ පිරිනමනු ලබම්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ නඩුව අදත් කල්යන ලකුණු. රනිල් චීනයට සහ ඉන්දියාවට ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම්...

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට ජපානය යෙන් බිලියනයක ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකා නාවික හමුදාවේ...

පාකිස්ථාන පුවත් නිවේදිකා Rabia Ahsanගේ ඛේදනීය මරණය: තුවක්කුව අහම්බෙන් ක්‍රියාත්මක වූ බව සැමියා පවසයි

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: දකුණු ආසියානු කලාපය තුළ...

වසර 108කට පසු අලුත් වුණු ව්‍යාපාර නාම ලියාපදිංචිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල,...