තවත් බිත්තර ලක්‍ෂ 10 ක් කොළඹ වරායට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ , ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්‍ෂ 10 ක් කොළඹ වරායට ළඟා වූ බවයි. එම බිත්තර තොගයට ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි.

එම බිත්තර තොගය ද අනුමැතිය ලැබීමෙන් පසු බේකරි නිෂ්පාදන හා හෝටල් සඳහා නිකුත් කිරීමට නියමිතව ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.

මීට පෙර ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 2 මේ වනවිට හෝටල් හා බේකරි නිෂ්පාදන සඳහා නිකුත් කරමින් ඇති බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළේය .

බිත්තර මිලියන 30ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඉදිරියේදී වෙළෙඳපොළ අවශ්‍යතාව අනුව එම ප්‍රමාණය ආනයනය කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසූ අතර මේ තත්ත්වය තුළ ඉදිරි දින කිහිපයේදී බිත්තර මිල ගණන් අඩුවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...