සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා, උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා; කලං ද නික්මගොස් ඇත.

Date:

සම්මානනීය ප්‍රවීන රංගධර අමරසිරි කලංසූරිය මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

1940 සැප්තැම්බර් 20 වැනිදා දකුණේ, මීපාවල උපත ලැබූ අමරසිරි කලංසූරිය මිය යන විට 83වන වියේ පසු වී ඇත. මහනුවර කන්‍යාරාමයේත්, කිරිබත්කුඹුරේ ශ්‍රී රතනජෝති විද්‍යාලයේත්, මහනුවර ශාන්ත ක්‍රිස්ටෝපර් විද්‍යාලයේත් වරින්වර අධ්‍යාපනය ලැබීය. වයස අවුරුදු 7දී මහනුවර ධර්මරාජ විද්‍යාලයට ගිය අතර ඔහුගේ පන්ති සගයෝ වූවෝ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ, ආදීන්ය. ධර්මරාජයේ කැපී පෙණුන කලංසූරිය බොක්සිං ක්‍රීඩාවට වර්ණලාභියෙක් විය.

ලාංකීය සිනමා වංශකතාවේ අමරසිරි කලංසූරිය සළකුණ මුලින්ම දක්නට ලැබෙන්නේ 1969 සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ තුලිනි. ඉන් අනතරුව චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවක සිය නෛසර්ගික කලා හැකියාව පෙන්වූ එතුමා රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර අනතුරුව අහස් ගව්ව, අක්කර පහ , අපේක්ෂා , පරිත්‍යාගය , තරංගා ,බඹරු ඇවිත්, සාගරයක් මැද , පුජා ආදී චිත්‍රපට විශේෂයෙන් සඳහන් කළ යුතු වන අතර ඊට අමතරව මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍යයේ විශිෂ්ට චරිතාංග නළුවකු ලෙසත් එතුමා සිය රංගන හැකියාව පෙන්වා ඇත. ඔහු අවස්ථා කිහිපයකදී ඕ.සී.අයි.සී. ජනාධිපති සහ සරසවි සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇති අතර සිනමාව තුළ ඔහු හඳුන්වන්නේ 70 දශකයේ ජේත්තුකාරයා වශයෙනි.

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මඟ දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා …

https://youtu.be/O98wn_k7oNI

අව්ව, වැස්ස, උණුසුම මේ කොයි දේටත් ඔරොත්තු දෙමින් ජීවත් ආර්ථික වශයෙන් නොයේක පීඩාවන්ගෙන් බැට කමින් අ වුල් වූ හිස කෙසින් යුතු බොත්තම් නොපිය වූ කමිසයකින් හා කලිසමකින් සැරසී සිටින කලං දකිනවිට මතකයට නැගෙන්නේ ප්‍රංශ නවරැල්ලේ Godard f.a Breathles චිත්‍රපටයේ රඟපෑ ෂාං පොල් බෙල්මෙන්දෝ (ka‍an Éul Belmondo)ය. ඔහු ජීවිතය පිළිබඳ වරෙක සම්මුක සාකච්ඡානකදී සඳහන් කර තිබුණේ, ‘හිනාවෙන කෙනෙකු අඬනවාට වඩා අඬන කෙනෙක් හිනාවෙන කොට හරිම සුන්දරයි කියල මම හිතන්නේ. මමත් අඬන ගමන් හිනා වුණ කෙනෙක්’ ලෙසයි.

ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුනලු උදයේ දිලිසෙන පිනි මත
පියමන් කරමින්
අහස් ගව්වටයි ලං වන්නේ …….

https://youtu.be/TEGdAXpUJZs


කෙසේ නමුත් අමරසිරි කලංසූරිය යන කෘතහස්ත නිර්මාණවේදියාගේ අඩුව නම් සිංහල සිනමාවට පිරවිය නොහැකි අඩුවකි. සිනමා ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් නිමකරමින් සමුගත් ඔහු සැබැවින්ම පුරාවෘත්තයක් යැයි පැවසිම අතිශයෝක්තියක් නොවනු ඇත. සුබ ගමන් කලං !

සඳ තනිවෙලා අහසේ
හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා..

https://youtu.be/Q1prpjF_VEg

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : ඉන්දියානු නිළියක් සහ...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...