*
Friday, September 20, 2024
spot_img

Latest Posts

මීටරයේ රුපියල් සීයට, අසූවට වැඩි සියළු ත්‍රිරෝද රථ ප්‍රතික්ෂේප කරන්න – සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන් හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති

පසුගිය කාලය තුළ රට පුරා පැවැති දරුණු ආර්ථික අර්බුදය මඳින් මඳ සමනය වන වර්තමානයේ පසුගිය කාලයට සාපේක්ෂව ඉන්ධන සහ ත්‍රිරෝද රථ කොටස් අමතර කොටස් වල මිල අඩුවීමේ වාසිය මඟී ජනතාවට ලබා දීමට තම සංගමය තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන් ගේ හා හිමි කරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසයි.ඒ අනුව පළමු කිලෝ මීටරය රුපියල් 120 ක් සහ දෙවන කිලෝ මීටරයේ සිට රුපියල්100 වශයෙන් මෙතෙක් පැවැති ත්‍රිරෝද රථ ගාස්තුව මේ වන විට රුපියල් 100 සහ රුපියල් 80 දක්වා අඩු කොට ඇතැයි ඔහු කියයි.මේ අතර ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියැලෙන බව පවසන ඇතැම් පිරිස් විවිධ හේතූන් දක්වමින් ඉන්ධන මිල මත පමණක් පදනම් ව ත්‍රිරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බවට කරන ප්‍රකාශ වල කිසිදු සත්‍ය පදනමක් නොමැති බව ද සභාපති වරයා කියයි.ඔහු පවසනුයේ ශ්‍රී ලංකාවේ ධාවනය වන වැඩිම ත්‍රිරෝද රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සුප්‍රකට ඉන්දීය සමාගම තම අමතර කොටස් මිල 40%කින් පහත හෙළීමට මේ වන විටත් එකඟත්වය පළ කොට ඇති බවකි.

“පහුගිය කාලේ ඇති වුණු කොවිඩ් වසංගතයෙන්,ඉන්ධන හිඟයෙන්,ආර්ථික අර්බුදයෙන් බරතපලම හානියක් සිද්ද වුණේ ත්‍රිරෝද රථ කර්මාන්තයට.මේ කර්මාන්තය නිසා අද වෙන කොට ආසන්න වශයෙන් ලක්ෂ හතලිස් පහක විතර පිරිසක් යැපෙනවා. ඒ කාලේ අපේ ත්‍රිරෝද රථ රියැදුරන්ට වගේම රියැදුරන් බොහොමයකට තමන්ගේ ජීවනෝපාය වගේම තමන් ගේ ඉන ඉහ ගේ දොර ඉඩකඩම් වගේම තමන් ජීවිකාව කර ගන්නා වාහනය පවා අහිමි වෙන තත්වයක් උදා වෙලා තිබුණා.නමුත්, අද වෙන කොට ඒ තත්වය හිරු පායන්න කලින් මතු වෙන සහන් එළියක් වගේ සුළු සහනදායී මට්ටමකට පරිවර්තනය වෙලා තියනවා.මේ තත්වය තව දුරටත් වර්ධනය කර ගන්න නම් අපි සේරටම කලින් අපේ බිඳ වැටුණු ත්‍රිරෝද රථ කර්මාන්තය ගොඩ නංවා ගන්න ඕනේ ඒ සඳහා ගත යුතු මුල්ම පියවර තමයි මගී ජනතාවට සහන සැලසීම.සංගමයක් වශයෙන් අපි ඒ වෙනුවෙන් උපරිම විදිහට කැප වෙලා ක්‍රියා කරනවා” සභාපති වරයා පවසයි.ඔහු වැඩිදුරටත් පවසනුයේ මේ වන විටත් රට තුළ පවතින අයහපත් ආර්ථික පසුබිම තුළ අප සමාජයේ බොහෝ දෙනකු ත්‍රිරෝද රථ වලින් ගමන් බිමන් යාම දැඩි ලෙස සීමා කොට ඇති තත්වයක් මත ඔවුන් නැවත ත්‍රිරෝද රථ සේවාව වෙත යොමු කර ගැනීමේ උපාය මාර්ගික හැකියාව සෑම ත්‍රිරෝද රථ රියැදුරකු සතුවම තිබිය යුතු බවයි.”මේ වෙන කොට රට තුළ පවතින පුංචි ආර්ථික ප්‍රබෝදයේ වාසිය ජනතාවට ලබා දෙන්න අත්‍යාවශ්‍ය ආහාර ආනයන හා සැපයුම් කරුවන් පවා ඉදිරිපත් වෙලා ඉන්නවා.අල ළුුණු වගේඅත්‍යවශ්‍ය ආහාර සම්බන්ධයෙන් වුණත් ජනතාවට ඒ වගේ සහනයක් සැලසෙන අතරේ ත්‍රිරෝද රථ කර්මාන්තයට සම්බන්ධ අපි මඟීන්ට නොසළකා හැරීම අපේ කර්මාන්තයට කර ගන්න බරාතල පාඩුවක්”ඔහු කියයි.

එමෙන්ම අද අප රටේ ත්‍රිරෝද රථ කර්මාන්තය පවත්නා අස්ථාවර තත්වය පිළිබඳව ද ත්‍රිරෝද රථ රියැදුරන් හිමි කරුවන් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ද දැන සිටිය යුතු බව ද ඔහු ගේ අදහස ය.”මේ වෙන කොට අපේ රටේ කුලී ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ නවයක් විතර වෙනවා.නමුත් රටේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා නිරන්තරයෙන් ඉටු කරන ත්‍රිරෝද රථ කර්මාන්තය තවමත් ජාතික ප්‍රවාහන පද්ධතියට ඒකතු වෙලා නෑ.ඒ හින්දම අපේ සේවාවට ජාතික මට්ටමේ නියාමයකුත් නෑ.මේක අපේ පැත්තෙන් වගේම ජනතාවගේ පැත්තෙනුත් විශාල වගකීමක් පැහැර හැරීමක්.ඒ හින්දම අපේ රටේ ත්‍රිරෝද රථ කර්මාන්තය වෙනුවෙන් අන පනත් සම්මත කරගෙන අධිකාරියක් වගේ නියාමන ආයතනයක් පිහිටුවලා වඩාත් ප්‍රමිතිගත මඟී සේවාවක් විදිහට මේ ත්‍රිරෝද රථ කර්මාන්තය නියාමනය හා අධීක්ෂණය කිරීමේ වගකීම බාර ගන්නා ලෙස අපි අවුරුදු ගණනාවක් තිස්සේ රජයට බලපෑම් කරනවා.නමුත් අපේ ඒ ඉල්ලීම බොහොම වැදගත් ඉල්ලීමක් විදිහට පිළිගන්න බලධාරීන් අන්තිම මොහොතේ ඒ ඉල්ලීම පැහැර හරිනවා”සභාපති වරයා කියයි.ඔහු වැඩි දුරටත් අවධාරණය කරන අන්දමට “ත්‍රිරෝද රථයක් මිල දී ගෙන පාරට දැමීම” පහසු ධනෝපායන මාර්ගයක් සේ වරදවා සිතන බාහිර පිරිස් කිසිම පදනමකින් තොරව අරඹා ඇති ත්‍රිරෝද රථ මිදලට ධානය කිරීම නිසා ද වෘත්තීය කුලී රථ සේවයට සහ එහි නියුතු වූවන්ට සිදුව ඇති අහිතකර බලපෑම ඉමහත් ය.”ඒ සමහරු තමන්ගේ පෞද්ගලික ගමන් බිමන්,ව්‍යාපාර සමහර විට ජාවාරම් වලට පවා මිලට ගන්නා ත්‍රිරෝද රථය කුලී රථයක් විදිහටත් යොදා ගන්නවා.සමහරු ගණිකා,සහ මත් ද්‍රව්‍ය ජාවාරම් වලටත් ත්‍රිරෝද රථ යොදා ගන්නවා.නමුත් ඒවා වෘත්තීය පදනමක් තියන කුලී රථ නොවන බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුයි.නමුත් අපේ රටේ සාමාන්‍ය මඟීන් මේවා දන්නේ නෑ. ඒ වගේම වෙන කිසිම රටක මේ දේ කරන්නත් බෑ.සමහර විට ඒ වගේ අවභාවිතාවක් නොකළත් ඒ ත්‍රීවීලර් එක පදවන ඒ මනුස්සයා ත්‍රිරෝද කුලී ත්‍රිරෝද රථ සේවාව ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.පාරෙදි හමුවන මඟියාගෙන් හිතුමතේ සල්ලි ගසා කනවා.එතකොට ඒ මඟියා කියන්නේ මොකක්ද? ත්‍රීවීලර් කාරයො මිනී කාක්කෝ වගේ සල්ලි ගසා කනවා කියලා නේද?” සභාපති වරයා අසා සිටියි.

එමෙන්ම ත්‍රිරෝද රථ සංගම් නියෝජිත වරුන් ලෙස මාධ්‍ය මඟින් අදහස් දක්වන ඇතැමුන් තමන් කිසිසේත් ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන බවට සිදු කරන බවට කරන බලපෑම් සහගත ප්‍රකාශ කිරීම් මඟින් සිදුවන එකම දෙය අප රටේ සාමාන්‍ය ජනතාව ත්‍රිරෝද රථ සේවාවෙන් ඉවත් වීම බව පවසන සුදිල් ජයරුක් වැඩි දුරටත් පෙන්වා දෙනුයේ රට තුළ පවත්නා ආර්ථික අර්බුදය තවමත් එලෙසම පවතින බව ජනතාවට ඒත්තු ගැන්වීම පිණිස ද ඇතැමුන් එවැනි ප්‍රකාශ සිදු කරන බවය.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන් ගේ හා හිමි කරුවන්ගේ සංගමය හැටියට අපි නිතරම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාරේ දකින හැම ත්‍රිරෝද රථයකටම අත නොදමා වෘත්තීය කුලී රථයක් වශයෙන් ඒත්තු යන ත්‍රිරෝද රථයක් ලෙස ඒත්තු යන ත්‍රිරෝද රථ වලින් පමණක් තම ගමන් පහසුව සළසා ගන්නා ලෙසයි. ඒ වගේම ඔබ නඟින ත්‍රිරෝද රථය මීටරයක් සවි කළ සේම ඒ මීටරයේ ගමන් ගාස්තුව ලෙස රුපියල් සීය සහ අසූව වශයෙන් සටහන් වී තිබේ ද යන්න විමසා බලන ලෙසත් පළමු කිලෝ මීටරය සඳහා වන ගාස්තුව රුපියල් සියයට වැඩි සියළු ත්‍රිරෝද රථ ප්‍රතික්ෂේප කරන ලෙසත් අපි මඟීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා” සමස්ත ලංකා රථ රියැදුරන් ගේ හා හිමි කරුවන්ගේ සංගම් සභාපති වරයා විශේෂයෙන් අවධාරණය කරයි.

හේමන්ත රන්බණ්ඩාර (විනිවිද)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan