ගොවියට,වෙළෙන්දට සහ පාරිභෝකයාට සාධාරණයක් කරන්න – අටමස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්! (VIDEO)

Date:

නොසලකා හැර තිබෙන ගොවි ජනතාව ශක්තිමත් කළ හැකි නම් රටේ බොහොමයක් ප්‍රශ්න විසඳා ගත හැකි බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති
ජාතික අලුත් සහල් මංගල්‍ය උත්සවයේදීය.

අයවැයෙන් ගොවියන්ට සහන ලෙස විශාල මුදලක් වෙන්කලද ඒවා නියමාකාරයෙන් ගොවි ජනතාවට ගලා යනවාද යන ප්‍රශ්නය ඇති බවත් අස්වැන්නට ද සාධාරණ මිලක් නොලැබෙන බවට ගොවි ජනතාව අදෝනා තබන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මේ අතර අනෙක් පසින් පාරිභෝගික ජනතාව මෙන්ම වෙළෙන්දන් ද තෘප්තිමත් නොමැති හෙයින් සියල්ලම සාධාරණය ඉටුවන නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමට අවධානය යොමුකරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාට මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාට එහිදී අවධාරණය කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...