ගොවියට,වෙළෙන්දට සහ පාරිභෝකයාට සාධාරණයක් කරන්න – අටමස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්! (VIDEO)

නොසලකා හැර තිබෙන ගොවි ජනතාව ශක්තිමත් කළ හැකි නම් රටේ බොහොමයක් ප්‍රශ්න විසඳා ගත හැකි බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති
ජාතික අලුත් සහල් මංගල්‍ය උත්සවයේදීය.

අයවැයෙන් ගොවියන්ට සහන ලෙස විශාල මුදලක් වෙන්කලද ඒවා නියමාකාරයෙන් ගොවි ජනතාවට ගලා යනවාද යන ප්‍රශ්නය ඇති බවත් අස්වැන්නට ද සාධාරණ මිලක් නොලැබෙන බවට ගොවි ජනතාව අදෝනා තබන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මේ අතර අනෙක් පසින් පාරිභෝගික ජනතාව මෙන්ම වෙළෙන්දන් ද තෘප්තිමත් නොමැති හෙයින් සියල්ලම සාධාරණය ඉටුවන නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමට අවධානය යොමුකරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාට මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාට එහිදී අවධාරණය කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...