සත්තු වත්තෙත් විරෝධතා! (VIDEO)

Date:

දෙහිවල සත්වෝද්‍යානයේ අද (28) නිහඬ විරෝධයක් සංවිධානය කර තිබුණි.

ඊට පශු වෛද්‍ය අංශය, සත්ව අංශය, උද්‍යාන අංශය ඇතුළු අංශවල ඒකාබද්ධව සිටි අතර සත්වෝද්‍යානයේම පිරිසක් විසින් ගෙන යන කඩාකප්පල්කාරී වැඩපිළිවෙලට එරෙහිවයි එම විරෝධය සංවිධානය කර තිබුණේ.

මෙම විරෝධතාවට සම්බන්ධ වී සිටි පශු වෛද්‍ය අංශය වෙනුවෙන් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික චන්දන රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ බොරු චෝදනා එල්ල කරමින් පශු වෛද්‍ය අංශයට සිය සේවය සලසා දීමට ඉඩ නොදෙන තත්ත්වයක් මතුව තිබෙන බවයි.

එමෙන්ම සෘජුව රාජකාරී කරන නව අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ෂර්මිලා රාජපක්ෂ මහත්මියව පලවා හැරීමට ද කඩාකප්පල්කාරී කණ්ඩායම උත්සහ ගනිමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව රජයෙන් ඉල්ලා සිටින්නේ නව අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සේවය තවදුරටත් සත්වෝද්‍යානයට ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද චන්දන රජාපක්ෂ මහතා සඳහන් කරන ලදී.

මෙම විරෝධතාවට දෙහිවල සත්වෝද්‍යානයේ ජාතික සේවක සංගමය ද සහය පළකර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...