උතුරු කොරියාව න්‍යෂ්ටික යුද්ධයක් අද්දර

Date:

කොළඹ (LNW): එක්සත් ජනපදය සහ දකුනු කොරියාව විසින් කරගෙන යන ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස උමතුව, කොරියානු අර්ධද්වීපයේ තත්වය ආපසු හැරවිය නොහැකි ව්‍යසනයකට, න්‍යෂ්ටික යුද්ධයක් අද්දරට තල්ලු කර ඇති බව උතුරු කොරියාව නිවේදනය කර තිබේ.

එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා මාර්තු මාසයේ සිට සිය යුධ අභ්‍යාස ආරම්භ කළ අතර එහිදී එක්සත් ජනපද න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා වාහකයක්, B-1B සහ B-52 බෝම්බ හෙලන ගුවන් යානා ආදිය යොදාගනු ලැබූ අතර මෙම අභ්‍යාස ප්‍යොංයැන්ග් හඳුන්වා තිබුණේ ආක්‍රමණය සඳහා ප්‍රරහාරාත්මක ක්‍රියාමාර්ග වශයෙනි.

මෙම අභ්‍යාස මගින් කොරියානු අර්ධද්වීපය ඕනෑම මොහොතක පුපුරවා හැරිය හැකි බව ප්‍රකාශ කරන උතුරු කොරියාව පසුගිය වසරේ වාර්තාගත ආයුධ අත්හදා බැලීම් සංඛ්‍යාවක් සිදු කළ අතර මෑත සතිවල සිය හමුදා ක්‍රියාකාරකම් වේගවත් කර තිබේ.

එහිදී උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය Hwasong 17ක් න්‍යෂ්ටික හැකියාව ඇති දිය යට ඩ්‍රෝන යානයක්, කෲස් මිසයිල ආදිය අත්හදා බලා තිබේ.

-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...