උතුරු කොරියාව න්‍යෂ්ටික යුද්ධයක් අද්දර

කොළඹ (LNW): එක්සත් ජනපදය සහ දකුනු කොරියාව විසින් කරගෙන යන ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස උමතුව, කොරියානු අර්ධද්වීපයේ තත්වය ආපසු හැරවිය නොහැකි ව්‍යසනයකට, න්‍යෂ්ටික යුද්ධයක් අද්දරට තල්ලු කර ඇති බව උතුරු කොරියාව නිවේදනය කර තිබේ.

එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා මාර්තු මාසයේ සිට සිය යුධ අභ්‍යාස ආරම්භ කළ අතර එහිදී එක්සත් ජනපද න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා වාහකයක්, B-1B සහ B-52 බෝම්බ හෙලන ගුවන් යානා ආදිය යොදාගනු ලැබූ අතර මෙම අභ්‍යාස ප්‍යොංයැන්ග් හඳුන්වා තිබුණේ ආක්‍රමණය සඳහා ප්‍රරහාරාත්මක ක්‍රියාමාර්ග වශයෙනි.

මෙම අභ්‍යාස මගින් කොරියානු අර්ධද්වීපය ඕනෑම මොහොතක පුපුරවා හැරිය හැකි බව ප්‍රකාශ කරන උතුරු කොරියාව පසුගිය වසරේ වාර්තාගත ආයුධ අත්හදා බැලීම් සංඛ්‍යාවක් සිදු කළ අතර මෑත සතිවල සිය හමුදා ක්‍රියාකාරකම් වේගවත් කර තිබේ.

එහිදී උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය Hwasong 17ක් න්‍යෂ්ටික හැකියාව ඇති දිය යට ඩ්‍රෝන යානයක්, කෲස් මිසයිල ආදිය අත්හදා බලා තිබේ.

-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...