ලාංකික තරුණයන්ට කොරියාවෙන් කොළ එළියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දකුණු කොරියානු ප්‍රකට සමාගමක ප්‍රධානීන් පවසා තිබෙන්නේ ,ශ්‍රී ලාංකික තරුණයන් රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙන බවටයි. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත්තේ , එරට ප්‍රකට සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසකි .

දකුණු කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට, මෙරටට පැමිණි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී හමුවී තිබේ.

මෙම නියෝජිත පිරිස පවසා ඇත්තේ , මෙරට තරුණයන් ඉහළ නිපුණත්වයකින් යුතු බවත්, පුහුණුව ලැබූ ශ්‍රී ලාංකේය තරුණයන් වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

විශේෂයෙන් මෙම ශ්‍රමිකයින් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක තරුණයන් වීම වැදගත් බව ද ඔවුන් අවධාරණය කර ඇති අතර , එහිදී රජය මැදිහත් වී නිසි වෘත්තීය පුහුණුවක් මෙරට තුළදී ලබා දීමත් ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමු කිරීමේ අවශ්‍යතාවත් ඔවුහු පෙන්වා දී ඇති අතර මෙරට ශ්‍රමිකයින්ගේ පහසුකම් සහ ආරක්ෂාව උපරිම වශයෙන් ලබා දෙන බවට ද සහතික කළේය.

නියෝජිත පිරිස මෙහිදී සඳහන් කර ඇත්තේ , මේ අනුව නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික, වෑල්ඩින් ආදී ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සදහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔවුන්ට ඉහළ වැටුප් හිමිවන බවත්ය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...