භාණ්ඩ කිහිපයක මිල අඩුවේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් , ලංකා සතොස ආයතනය මගින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.

ඒ අනුව පසුගිය සතියේ මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 12ට අමරතව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල ගණන් මෙලෙස පහළ දමා තිබේ.

හෙට (07) දිනයේ සිට දිවයින පුරා සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල සහනය ලබාගත හැකිය.

ඒ අනුව ටින් මාළු (425g) නව මිල රුපියල් 490ක් වන අතර එහි ඉතිරිය රුපියල් 30කි.

ලොකු ලූනු 1kg ක නව මිල රුපියල් 97ක් වන අතර එහි ඉතිරිය රුපියල් 22කි.

පාන් පිටි 1kg ක නව මිල රුපියල් 225ක් වන අතර එහි ඉතිරිය රුපියල් 10කි.

මීට අමතරව ලංකා සතොස ජනතාවට දැනුම්දෙන්නේ, අත්‍යවශ්‍ය ග්‍රොසරි භාණ්ඩ 500කට අධික ප්‍රමාණයක් සඳහා සුවිශේෂී මිල අඩුකිරීම් සහ වට්ටම් ලබාදීමට කටයුතු සලසා ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...