සක්වල 26 වැනි අදියරෙන් රන්මිණිතැන්න කණිටු විදුහලට පරිත්‍යාගයක්

Date:

සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ, රජයේ පාසල් 10150ම ගුණාත්මක භාවයෙන් සංවර්ධනය කිරීම බවත්, රට ගොඩනැගීමටනම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කළ යුතු බවත්, ඒ සදහා අධ්‍යාපන ක්‍රමය ගුණාත්මකව සංවර්ධනය කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අධ්‍යාපන තුළ බෙදීමක් ඇති නොකර, ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට සැමට ප්‍රවේශ විය හැකි අවස්ථාව ලබා දිය යුතු බවයි, විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, “සක්වළ” වැඩසටහන යටතේ, 26 වැනි පරිගණක තාක්ෂණික සුහුරු පන්ති කාමරය හම්බන්තොට රන්මිනිතැන්න කණිෂ්ඨ විද්‍යාලයට ලබාදෙමිනි.

රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා ඩිජිටල් පරිගණක තිරයක් සහ පරිගණක උපකරණ මෙහිදී එම විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පරිත්‍යාග කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...