සක්වල 26 වැනි අදියරෙන් රන්මිණිතැන්න කණිටු විදුහලට පරිත්‍යාගයක්

සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ, රජයේ පාසල් 10150ම ගුණාත්මක භාවයෙන් සංවර්ධනය කිරීම බවත්, රට ගොඩනැගීමටනම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කළ යුතු බවත්, ඒ සදහා අධ්‍යාපන ක්‍රමය ගුණාත්මකව සංවර්ධනය කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අධ්‍යාපන තුළ බෙදීමක් ඇති නොකර, ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට සැමට ප්‍රවේශ විය හැකි අවස්ථාව ලබා දිය යුතු බවයි, විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, “සක්වළ” වැඩසටහන යටතේ, 26 වැනි පරිගණක තාක්ෂණික සුහුරු පන්ති කාමරය හම්බන්තොට රන්මිනිතැන්න කණිෂ්ඨ විද්‍යාලයට ලබාදෙමිනි.

රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා ඩිජිටල් පරිගණක තිරයක් සහ පරිගණක උපකරණ මෙහිදී එම විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පරිත්‍යාග කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...