කාලිංග මාඝලා අතීත ශිෂ්ටාචාරය වැනසුවා. මේ ආණ්ඩුව කෘෂිකර්ම ශිෂ්ටාචාරය වැනසුවා – සජිත් (VIDEO)

Date:

උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත්, වර්ථමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පිපිරීම් නවත්තන බව කියා පැමිණි ආණ්ඩුව යටතේ අතට ගන්න ගෑස් සිලින්ඩරය පවා පිපිරෙන තැනට පත්වී ඇති බවත්,එපමණක් නොව පොහොර කෑන් පවා පිපිරෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ මදිවාට, ගෙන්වා ඇති දියර පොහොර උහුලන්නට බැරි තරම් දුගදකින් යුක්ත බව කී විපක්ෂ නායකවරයා ඒ දුගඳ අරලියගහ මන්දිරයට දැනෙන්නේ නැති බවත් , ජනාධිපති මන්දිරයට දැනෙන්නේ නැති බවත්, පාර්ලිමේන්තුවට දැනෙන්නේ නැති බවත් ප්‍රකාශ කළේය.

ජනතාවගේ දුක වේදනාව දැනෙන ස්නායු ආණ්ඩුවට නැතැයි කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සීනි වංචාව, පොල්තෙල් වංචාව, කෝවිඩ් ගසාකෑම ඇතුලු මහා දූෂණ වංචා අක්‍රමිකතාවලට ආණ්ඩුව වගකිවයුතු බවත් අවධාරණය කළේය. අද වන විට ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේ අතිශය පහල තැනකට රට පත්වී ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පෙරවරුවේ දඹුල්ල නගරාසන්නයේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...