කාලිංග මාඝලා අතීත ශිෂ්ටාචාරය වැනසුවා. මේ ආණ්ඩුව කෘෂිකර්ම ශිෂ්ටාචාරය වැනසුවා – සජිත් (VIDEO)

Date:

උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත්, වර්ථමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පිපිරීම් නවත්තන බව කියා පැමිණි ආණ්ඩුව යටතේ අතට ගන්න ගෑස් සිලින්ඩරය පවා පිපිරෙන තැනට පත්වී ඇති බවත්,එපමණක් නොව පොහොර කෑන් පවා පිපිරෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ මදිවාට, ගෙන්වා ඇති දියර පොහොර උහුලන්නට බැරි තරම් දුගදකින් යුක්ත බව කී විපක්ෂ නායකවරයා ඒ දුගඳ අරලියගහ මන්දිරයට දැනෙන්නේ නැති බවත් , ජනාධිපති මන්දිරයට දැනෙන්නේ නැති බවත්, පාර්ලිමේන්තුවට දැනෙන්නේ නැති බවත් ප්‍රකාශ කළේය.

ජනතාවගේ දුක වේදනාව දැනෙන ස්නායු ආණ්ඩුවට නැතැයි කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සීනි වංචාව, පොල්තෙල් වංචාව, කෝවිඩ් ගසාකෑම ඇතුලු මහා දූෂණ වංචා අක්‍රමිකතාවලට ආණ්ඩුව වගකිවයුතු බවත් අවධාරණය කළේය. අද වන විට ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේ අතිශය පහල තැනකට රට පත්වී ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පෙරවරුවේ දඹුල්ල නගරාසන්නයේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...