X-Press Pearl නෞකාව අයත් සමාගමට වන්දි නඩුව පැවරීමට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා නීතිපතිවරයාට උපදෙස් දී ඇත්තේ , මුහුදුබත් වූ X-Press Pearl නෞකාව අයත් සමාගමට එරෙහි කඩිනමින් වන්දි නඩුව පැවරීමට පියවර ගන්නා ලෙසයි

එම සාකච්ඡාවට නීතිපතිවරයා ඇතුළු ඊට අදාළ සියලු පාර්ශ්ව සහභාගි වූ බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, එහිදී නෞකාව සම්බන්ධයෙන් නඩු පැවරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත හා ඒ සඳහා වන නීතිමය ක්‍රියාවලිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

මුහුදු බත්වූ X-Press Pearl නෞකාව අයත් සාමාගමට එරෙහිව අපරාධ නඩුවක් මේ වනවිට මෙරට අධිකරණයේදී විභාග වන අතර , මුහුදුබත්වූ X-Press Pearl නෞකාවේ ඉතිරිවී ඇති කොටස් ආසන්නයට ගොස් හානි පූර්ණ ගණනය කිරීම සඳහා සාම්පල ලබා ගැනීමට විද්වත් පර්යේෂණ කමිටුවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මීපා සහ නාරා ආයතනවලට ඊයේ උපදෙස් දී ඇත්තේ එහි සභාපති අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්එම සභාව රැස්වූ අවස්ථාවේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF වෙතින් ලංකාවට සහාය දීම ඇරඔුණු හැටි එළිවේ…!

අශෝක ජයතුංග අගෝස්තු 07 වොෂින්ටන් LNW : IMF හා ලංකාව මෙවර...

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකවීමට කැමතිනම් ඉඩක්…

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වීමට...

විශ්‍රාම ගිය DIG අම්පාවිල CID ප්‍රධානී තනතුරට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු...

ට්‍රම්ප්, ඉන්දියාවට පනවන ලද තීරුබදු ප්‍රමාණය 50% දක්වා ඉහල දමයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...