*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදය රැකියා ලක්ෂ 05 ක් අහිමි කරයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝක බැංකුව පවසන්නේ , 2021 සහ 2022 යන වසරවල ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිලියන භාගයකට හෙවත් ලක්ෂ 05 කට රැකියා අහිමිවී ඇති බවයි .

2021 සහ 2022 යන වසරවල ආර්ථික අර්බුදය හේතුවෙන් තවත් මිලියන 2.7 ක් දරිද්‍රතාවයට පත්ව ඇති බව සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලෝක බැංකුව පවසන්නේ , 2023 වසරේද ඉල්ලුම අඛණ්ඩව අඩුවීම, රැකියා සහ ආදායම් අහිමිවීමේ ප්‍රවණතාවය ඉහළ යාම, සැපයුම් ජාල බිඳ වැටීම හා නිෂ්පාදනයට ඇති අහිතකර බලපෑම් පවතිනු ඇති බවත්, 2023 වසරේදී මෙන්ම ඉන් ඔබ්බට ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙනු ඇති බව ඔවුන්ගේ මතයයි. ලෝක බැංකුව මෙහිදී පුරෝකථනය කර තිබෙන්නේ පවතින තත්ත්වය මත මේ වසරේදී ද මෙරට ආර්ථිකය කඩා වැටෙනු ඇති බවයි .

2023 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.3% කින් හැකිලෙන බවත් , රටේ ආර්ථික අර්බුදයේ මූලික හේතුවලට විසදුම් සෙවීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බව ලෝක බැංකුව පෙන්වා දෙන්නේ ඔවුන්ගේ දත්තවලට අනුවයි.

අනාගත අර්බුද වලක්වා ගැනීමට ශක්තිමත් සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ශ්‍රී ලංකාව ගොඩනගා ගැනීම වැදගත් බව ලෝක බැංකුවේ අදහස වන අතර , ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදය පළ කර ඇත.

ඒ, ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ අද (07) පැවති අවසන් අදියරේ සාකච්ඡාවකදීයි.

මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත්තේ,

◾පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම, ◾රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, ◾සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ක්‍රම,
◾සමාජ ලේඛන වැනි ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් පූර්ව ක්‍රියාමාර්ගයන් සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සහ එම එක් එක් ක්‍රියාමාර්ගවලට අදාළ කාල රාමු පිළිබඳවද සාකච්ඡා වී ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan