සායිගේ හා මැකාර්තිගේ හමුවට ෂීගෙන් දැඩි විරෝධය; තායිවානයට නැවතත් සම්බාධක පැනවේ

කොළඹ (LNW):තායිවානයේ ජනාධිපති සායි ඉන්ග්-වෙන් හා එක්සත් ජනපදයේ කතානායක කෙවින් මැකාර්ති අතර හමුවක් පසුගියදා ලොස් ඇන්ජලීස්හිදී ඇති වීමත් සමඟ චීනය දැඩි කෝපයට පත්ව ඇති බව වාර්තා වේ.

චීනය විසින් තායිවානය අවට මුහුදේ චීන යුද නැව් තුනක් යාත්‍රා කර ඇති අතර ප්‍රහාරක ජෙට් යානයක් සහ සබ්මැරීන් විරෝධී හෙලිකොප්ටරයක් යොදවා ඇති බව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද(07)දිනයේ නිවේදනයක් නිකුත් කර ඇත.

චීනය විසින් තායිවානය තමන්ට අයිති දූපතක් ලෙස පිළිගන්නා අතර, චීනය විසින් තායිවානයේ ජනාධිපති සායි ඉන්ග්-වෙන්හට අනතුරු අඟවීම් කර තිබුණේ මැකාර්තිව හමු නොවෙන ලෙසයි. කෙසේ නමුත් ද්වී පාර්ශවීය වශයෙන් තායිවානය හා ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත් සාකච්ඡා වලින් අනතුරුව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ස්ථිර ලෙස ආරක්ෂා කිරීම සඳහා චීනය දැඩි හා බලගතු පියවර ගනු බවන බවයි.

පසුගිය අගෝස්තු මාසයේදී, මැකාතිගේ පූර්වගාමියා වූ නැන්සි පෙලෝසි දිවයිනට පැමිණීමෙන් පසු ද දින ගණනාවක් යනතෙක් චීනය සිය මිලීටරි බලය ප්‍රදර්ශනය කළ අතර චීන ජනාධිපති ෂී ජින්පින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට ප්‍රකාශ කර තිබුණේ, ගින්නත් සමඟ සෙල්ලම් නොකරන ලෙසයි. කෙසේ නමුත් එක්සත් ජනපදය විටින් විට තායිවානය සමඟ පවත්වන සම්බන්ධකම් හරහා චීනයේ ආතතීන් වැඩි කරමින් සිටියි.

කෙසේ නමුත්, චීනය විසින් මේ වන විට තායිවානයේ ආයතන ගනනාවක් අසාදු ලේඛණගත කර ඇති අතර චීනය නිරන්තරව බලය යොදවමින් තායිවානයේ පාලනය සියතට ගැනීමට කටයුතු කරමින් සිටිනු දක්නට ලැබේ.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2028 වසරේදී ජනමත විචාරණයක් ?

2028 වසරේදී ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි ජාතික ජන බලවේග...

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම...

කාවන්තිස්ස ඇතුට වෙඩිතැබීම : සැකකරුවකු අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන...

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...