සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): තම ඉන්ධන පිරවුම්හල් 26ක කටයුතු අත්හිටුවීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.
එම සමාගම පවසන්නේ QR ක්‍රමයට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.
ඊයේ (06) දිනයේ ද QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය ද අත්හිටුවීමට තීරණය කළේය.