ඊශ්‍රායලය ගාසා තීරයට සහ ලෙබනනයට පහර දෙයි

Date:

කොළඹ (LNW):බටහිර ඉවුරේ වාඩිලාගෙන සිටින ඊශ්‍රායල් වාහනයකට තුවක්කු කරුවන් විසින් කරන ලද පහර දීමෙන් පසු ඊශ්‍රායල් ජාතිකයන් දෙදෙනෙකු මිය යාමත් සමඟ ඊශ්‍රායල හමුදාව පලස්තීන හමාස් සටන්කාමී කණ්ඩායමට අයත් දකුණු ලෙබනනයේ සහ ගාසා තීරයේ ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ඊයේ(06)දිනයේදී ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් 34ක් එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර හමාස් සංවිධානයට එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති අතර ප්‍රහාර අතරතුර ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලය දෙසට අවම වශයෙන් රොකට් 44ක් ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම සතිය මුලදී ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියට ඊශ්‍රායල පොලිසිය විසින් රාත්‍රී දෙකක ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඉස්ලාමයේ තුන්වන ශුද්ධස්ථානය වන පල්ලිය තුළ පලස්තීනුවන් සමඟ ප්‍රචණ්ඩ ගැටුම් ඇති කිරීම කලාපය පුරා කෝපයට හේතු වී ඇත.

ගුවන් ප්‍රහාරවලින් නිවාස, රෝහලට දැඩි හානි සිදුවී ඇති අතර නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් ආක්‍රමණශීලී ආණ්ඩුව පලස්තීනුවන් කෙරෙහි වඩාත් ආක්‍රමණශීලී ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරනු දක්නට ලැබේ. ඊශ්‍රායල හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී හර්සල් හැලෙවි, ගුවන් ආරක්ෂක සහ ගුවන් හමුදා සංචිත කෙරෙහි අවධාරණය යොමු කරමින් ඊශ්‍රායල සංචිත හමුදා බලමුලු ගැන්වීමට නියෝග කර ඇතිබව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...