කෘෂි නිළදාරීන්ගේ දිගුකාලීන විදේශගතවීම් සඳහා සීමා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින්ට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබේ.

ඊයේ (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරින් විදේශගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති අතර එම නිලධාරින් විදේශගතවීමකදී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබානොදෙන ලෙස පළාත් කෘෂිකර්ම බලධාරීන් අමාත්‍යවරයාට යෝජනා කර තිබුණි.

කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට විශාල වශයෙන් පුරප්පාඩු පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි. තවද
කෘෂිකර්ම අංශයේ නිලධාරීන් දීර්ඝ කාලයකට විදේශගතවීම හරහා රටේ කෘෂිකාර්මික අංශය මුළුමනින්ම කඩාවැටීමේ අවදානමක් ඇති බවත් ඊට විසඳුමක් ලෙස මෙම පියවර ගත් බවත් වාර්තා වේ.

මෙම තීරණය දැනට පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව බඳවාගැනීම් සිදුකරන තෙක් ක්‍රියාත්මක කරන බවත්, කෘෂිකර්ම අංශයට අදාළ නිලධාරින් දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා සිදුකරන ඉල්ලීම් තමන්ට යොමු නොකරන ලෙසත් අමාත්‍යවරයා සියලුම කෘෂිකර්ම බලධාරීන්ට දන්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...