ඒ.සී කාමරෙන් මහපොළවට බැස බලන්න ජනතාව විදින දුක – විපක්ෂ නායක සජිත්

Date:

රටේ තත්ත්වය හොඳයි කියා අගනුවර ඒ.සී කාමරවල සිටිමින් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට කියන්නට ඇත්තේ රටේ සැබෑ තත්ත්වය දැන ගැනීමටනම් ඒ.සී. කාමරයෙන් එළියට බැස ගම් නියම්ගම් සිසාරා ඇවිද බලන ලෙස බවත්, රටේ සමහර පාසල් දෙස බලන විට ගරා වැටෙන ගොඩනැගිලි වලින් සමන්විත උවද, එවැනි දුෂ්කර පාසල්වලට කිලෝමීටර් කිහිපයක් නුදුරින් ජාත්‍යන්තර ගුවනතොටුපොළවල් පවා ඉදිකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එවන් කාර්‍යයන් සඳහා මුදල් යොදවන අතරතුර කුඩා කොටසක් හෝ වෙන් කර රටේ අධ්‍යාපනයද සංවර්ධනය කලා නම් අද වන විට අප රට ලෝකයේ ප්‍රබල රටක් ලෙස ඉදිරියට යන බව විපක්ෂ නායකවරයා පැවසීය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 27 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ, උඩමත්තල කණිෂ්ඨ විද්‍යාලයට පරිත්‍යාග කරන අවස්ථාවට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කලේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...