*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

වළලු දැමූ දෑත්වලට මුෂ්ටි කවයේ වැඩි ඉඩක්

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය මේ මොහොතේ කාන්තා බොක්සිං යනුවෙන් හඳුනාගෙන ඇති පරාසය විවිධත්ව කණ්ඩායම ලෙස හඳුන්වන්නට පටන් ගෙන ඇත.ඊට සමරූපී වෙමින් ශ්‍රී ලංකා බොක්සිං සංගමය ද එම තැනට පත් කිරීමට ක්‍රියා කර ඇත.මේ සම්බන්ධයෙන් කාන්තා නියෝජනය සේ ශ්‍රී ලංකා බොක්සිං හා සබැඳි ක්‍රීඩිකා,පුහුණුකාරිනි සහ විනිශ්චයකාරියන් සේ හදුනාගත් පිරිසක් සහ තවත් විශේෂිත කොටසක් ශ්‍රී ලංකා බොක්සිං සභාපති ඩයන් ගෝමස් සහ උප සභාපති විතානගේ වසන්ත කුමාරගේ කැදවීමකට රැස් වූයේ කොළඹ සැන්ටායි රෙස්ටෝරන්ට් හී ය.

ලොව පුරා කාන්තා විනිසුරුවන් සහ තීරකයින් ප්‍රතිශතයක් ලෙස 3%ක් සහ කාන්තා පුහුණුකරුවන් සිටින්නේ 12% ක් පමණක් බව IBA හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු සහ එහි විවිධත්ව කොමිසමේ සභාපතිනිය වන පර්ල් ඩ්ලමිනි විසින් දිල්ලි හි කාන්තා හා ක්‍රීඩා සම්මන්ත්‍රණයේදී පෙන්වා දීමෙන් පසු බොක්සිං ලෝකයේම අවධානය වැඩිපුර මේ දෙසට යොමු වන්නට ගත්තේය.
ඇය මේ රැස්වීමේදී ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව,ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ හි පුහුණුකරුවන් ලෙස ලියාපදිංචි වී ඇත්තේ පිරිමින් 8,400 ට සාපේක්ෂව කාන්තාවන් 419 ක් පමණි. මෙම වසරේ ඉන්දීය අගනුවර පැවැත්වෙන කාන්තා ලෝක ශූරතාවලියට සහභාගී වන කාන්තා පුහුණුකරුවන් සුළු සංඛ්‍යාවක් පමණක් දැක ඇති බැවින් හිඟය මඟහරවා ගැනීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇති යන්න එහිදී ඩිල්මිණිගේ අදහස වී ඇත.

මේ මඟ යමින් විවිධත්ව කොමිෂන් සභාව සේ වෙනස් වූ ශ්‍රී ලංකාවේ විවිධත්ව කොමිෂන් සභාවට සභාපතිත්වය දෙන ප්‍රබුද්ධිකා යද්දෙහිගේ වත්මන් බොක්සිං උප සභාපති විතානගේ වසන්ත කුමාරගේ මඟ පෙන්වීමද ඇතිව මෙම විශේෂ හමුවට බොක්සිං හී කාන්තා හඩට වටිනාකමක් එක් කරනු පිණිස වෛද්‍ය කොමිෂන් සභා කාන්තා වෛද්‍යවරියක්, නීතීඥවරියක්, අධ්‍යාපන අධ්‍යක්ෂවරියක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවෝ ඒක කර ගෙන සිටියහ.මේ තත්ත්වය ශ්‍රී ලංකා බොක්සිං සභාපති ඩයන් ගෝමස්ගේ ද දැඩි ප්‍රශංසාවට ලක් විය.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර බොක්සිං වේදිකාවේ දී ද හඩ නැඟූ ශ්‍රී ලංකා සභාපතිවරයා ඉතාමත් ධනාත්මක හැඟීමකින් මේ කාර්යය සඳහා ජාත්‍යන්තර බොක්සිං සම්මේලන සභාපතිවරයාගේද ආශිර්වාදය හිමි කර ගන්නට හැකි අයුරෙන් සමානත්මතාවය සම්බන්ධයෙන් දියුණු අදහස් ගණනාවක් එකතු කර ඇත.
මේ ආශිර්වාදය සහ උප සභාපති වසන්ත කුමාරගේ සහය ඇතිව ප්‍රබුද්ධිකා පෙන්වා දුන්නේ කාන්තා හඩ නෛතික හඬක් මෙන්ම ඉඩක් ද සමස්ත බොක්සිං ක්‍රියාවලිය තුළ ඇතුළත් විය යුතු බවය.එය ඩිල්මිණි වත්මන් බොක්සිං කාන්තා නියෝජනය සියයට 30 ක් විතර විය යුතු බවට කෙරෙන ප්‍රකාශය සහ ඇය ඊට දක්වන අවංක වෙහෙසිමය.

කාන්තා නියෝජනයේ අඩුව ලෝකයේම ගැටළුවක් බව හඳුනාගෙන ඇත.විශේෂයෙන් ආසියාතික ගැහැණිය මත පැනවෙන සම්ප්‍රදායික සිමාවන් අතික්‍රමණය කර යාම දුෂ්කර වුව ද ඉන්දියාව මේ වන විට එරට සිටින බිලියන ගණනක ජන පවුරෙන් කාන්තාවන් ජයග්‍රාහී දිශිිවකට බොක්සිං ක්‍රීඩාවෙන් යොමු කරන්නට සමත් වී ඇත.ඒ අනුව ඉන්දියාවෙන් රන් පදක්කම් හතරකට උරුමකම් කියන බොක්සිං ක්‍රීඩාවන් මතු වීම ආසියාව යහපත් දිශානතියකට යොමු කළ හැකි බවට ඉඟියක් සේ ගත හැකි අතර ශ්‍රී ලංකාවට ද එවැනි ඉඩක් සකසා ගැනීමට කැපවන්නේනම් අපහසු නැත.

බොක්සිං සම්මේලනයේ උප සභාපති වසන්ත කුමාර සහ ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය එකතුව සිඳු කරගෙන යන ජාතික කණිෂ්ඨ බොක්සිං ක්‍රීඩා සංචිතය හරහා ද මේ සඳහා අලුත් ශක්තියක් උපයා ගැනීමට හැකියාව ඇත.විශේෂයෙන් ලෝකයට සමරූපීව ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට කාන්තා දායකත්වය වැඩි කිරීමට විවිධත්ව කොමිසම හරහා ගෙන යන වැඩ පිළිවෙල සාර්ථක වන්නටත්,එයින් සහභාගීත්වයේ ප්‍රමාණය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන කාන්තා බොක්සිං ජයග්‍රහණ ඉහළ යන්නටත් අපි ශක්තිය හා දිරිය පතමු!

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan