*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

කටුනායක ගුවන් තොටුපොළෙන් ඇහෙන කතා!

කොළඹ (LNW): කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිදු වන යම් යම් අපහසුතාවයන් පිළිබඳව කණස්සල්ලට පත් පුරවැසියන් අපට තොරතුරු සැලකළ අතර, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ අකාර්යක්ෂම, රළු සහ අවිනීත සැලකිලිවලට පවා තමාට මුහුණ පෑමට සිදුවූ බවට ඔවුහු අනාවරණය කරති.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් තොටුපළ ලෙස අභිමානවත් ආයතනයක් බවට පත් කළ හැකි ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් වහා කටයුතු කළ යුතු බවට ඔවුන් පෙන්වා දෙන අතර, පහත දැක්වෙන්නේ, කටුනායක ගුවන් තොටුපළේ දී තමාට මුහුණ දීමට සිදුවූ අත්දැකීමක් පාරිභෝගියකු විසින් විස්තර කළ අන්දමයි:

ගුවන් තොටුපළ සහ අපේ රට ගැන අපට ආඩම්බර විය හැකි පරිදි කටයුතු සිඳු කිරීමට බලධාරීන් මැදිහත් විය යුතු බවට, මෙම ගැටළු ඉස්මතු කරමින් පෙන්වා දිය යුතුය. කරුණාකර මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අකාර්යක්ෂම, රළු සහ අවිනීත කාර්ය මණ්ඩලයක් නොයොදවා මෙම අසතුටුදායක අකාර්යක්ෂම කාර්ය මණ්ඩලය වෙනුවට ආදේශ කළ හැකි ගුණයහපත් තරුණයන් යොදවන්න. ඔවුන් ඕනෑ තරම් ශ්‍රී ලංකාව සතුව ඇත. විෂයභාර ඇමතිතුමනි, සහ ගුවන් තොටුපළ බලධාරීනී, මේ ඔබේ අවධානය පිණිසයි.

කටුනායකින් පිටතට පියාසර කරන ඕනෑම සංචාරකයෙකුට ගුවන් තොටුපළ ඇතුළත සිදුවන කටයුතු මහත් අපහසුතාවයක් ගෙන දෙයි. ගුවන් තොටුපළට ඇතුළු වීමේ සිට දැඩි අරගලයක් පවතින අතර ආරක්ෂක අංශ මෙම පිවිසුම් වලදී කුඩා දොරවල් දෙකක් පමණක් විවෘත කර ගමන් බලපත්‍ර සහ ගුවන් ටිකට්පත් පරීක්ෂා කිරීම නිසා මගීන් අපහසුතාවයට පත් කරවයි. ඇතුළු වීමෙන් පසු ඔවුන්ගේ ගමන් මලු ස්කෑනරයක් හරහා තැබිය යුතුය. නැවත ඇතුළු වූ පසු, ගමන් මලු ස්කෑන් පරීක්ෂණයකට නැවතත් ලක් කළ යුතුය. බලධාරීන් විසින් පද්ධති අධ්‍යයනයක් කළ යුතු අතර ඔවුන් ගුවන් තොටුපළකට සංචාරකයන් පිළිගන්නා ආකාරය වෙනත් ගුවන් තොටුපළවලින් ඉගෙන ගත යුතුය. මෙලෙස කටයුතු කිරීමෙන් විශාල පෝලිම් වළක්වා ගත හැකි අතර අවම වශයෙන් එක් ස්කෑන් කිරීමකින් සෑහීමකට පත් විය හැකිය. ප්‍රමාද වූ ඕනෑම සංචාරකයෙකුට කිසිවක් මග හැරීමකින් තොරව ගුවන් යානයට පිවිසීමේ ඉඩකඩ ද උදා වනු ඇත.

පිරික්සුම් කවුන්ටර පාලනය කරනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසි ලෙස සංවාද කළ නොහැකි අකාර්යක්ෂම, රළු සහ අහංකාර කාර්ය මණ්ඩලයක් විසිනි. ශ්‍රී ලංකාවේ කවුන්ටරවල විශාල පෝලිම් ඇති බව අප මෑතකදී නිරීක්ෂණය කළ අතර එක් මගියෙකු පරීක්ෂා කිරීමට කාර්ය මණ්ඩලයට විනාඩි 10 සිට 15 දක්වා පමණ ගත වේ.

ජපානය වැනි ඇතැම් රටවල් ජපානයට පැමිණීමට පෙර කොවිඩ් එන්නත් 3 ලබා ගෙන තිබිය යුතු ය. ඉහත සඳහන් කළ අකාර්යක්ෂම කාර්ය මණ්ඩලය විසින් මෙම අංගය ශ්‍රී ලංකාවේ දී අධීක්ෂණය කරනු ලැබුණ ද එය නිසිලෙස සිඳුවීමක්නම් පෙනෙන්නට නැත. ඉතා මෑතකදී ජපානයට යන පවුලක සංචාරය කළ කාන්තාවක් විහාරමහා දේවී උද්‍යානයේ දී යුධ හමුදාව විසින් එන්නත් 3 ලබාගෙන ඇති අතර ඇයගේ කාඩ්පතේ මුද්‍රාවක් නොතිබූ බැවින් එන්නත් කාඩ්පතේ දැක්වෙන්නේ එන්නත් 2ක් පමණි. මෙය කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් කරන ලද වරදකි. මෙවැනි හේතූන් ඇති වන්නේ ද හරිහමන් නිසි අවබෝධයකින් තොරව සිදුවන පාලන තත්ත්වයන් නිසාය. බොහෝ වාද විවාද වලින් පසුව අවසානයේ ඇයට ඇතුල් වීමට අවසර ලැබුණි. 

මෙම පිරිස ශ්‍රී ලංකාවෙන් අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ජපාන ගැනුම්කරුවන් සමඟ පැවැත්වීමට නියමිත රැස්වීම් මාලාවක් සඳහා ගමන් කරමින් සිටි අය බව පසුව අනාවරණය විය. ජපාන ගැනුම්කරුවන් හමුවීමේ සාර්ථක සංචාරයකින් පසු මෙම පිරිස නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ලැබිණි.

කරුණාකර මෙම කරුණු සැලකිල්ලට ගනිමින් වර්තමානයේ සිටින අකාර්යක්ෂම, රළු සහ අවිනීත කාර්යය මණ්ඩල නොයොදවා ඒ වෙනුවට ආදේශ කළ හැකි ගුණාත්මක තරුණයන් පිරිසක් යොදවන ලෙස නැවත ඉල්ලා සිටිමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan