සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අදින් අවසන්

Date:

රජයෙන් සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන පවුල් පිළිබඳ සංගණන කටයුතු අදින් (10) අවසන් වීමට නියමිතව තිබේ.

“ඇත්තම කියමු – ඇත්තම අයට ප්‍රතිලාභ දෙමු” යන තේමාව යටතේ රජයේ සුබසාධන ප්‍රතිලාභ ලැබීමට සුදුසු පවුල් හඳුනාගැනීම වෙනුවෙන් කැඳවූ අයදුම්පත්වල තොරතුරු තහවුරු කරගැනීම සඳහා මෙම සංගණන වැඩසටහන ක්‍රියාත්මක විය.

සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අයදුම්පත් ලක්ෂ 37ක් පමණ ලැබී තිබුණු අතර එම තොරතුරු තහවුරු කරගැනීමේ කාලසීමාව මාර්තු 31 සිට අද දිනය දක්වා දීර්ඝ කරනු ලැබිණි.

අප්‍රේල් මුල් සතිය වනවිට අයදුම්පත් 2,458,424ක තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කර අවසන් කර තිබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සංගණනය අවසන් වීමෙන් අනතුරුව ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලත් අයගේ නාමලේඛනය සකස් කර එය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...