*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

කණ්ඩායමට ආ පසුව දඟ කැවෙන්නේ නැද්ද?

ටෙස්ට් කෝඩුකාර අයර්ලන්තය පළමු වරට ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.ගතවන මොහොතේ නැවත චන්දික හතුරුසිංහ යටතේ ඉහළට පැමිණ තිබෙන බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගය පරාජය වුව ද,ඔවුන් කෝඩුකාරයින් වුව ද පහසු නැති කණ්ඩායමක් බවට එහිදි යම් යම් ඉඟි පළ කළා.මේ නිසා මෙහි දි අයර්ලන්තය තමන්ගේ පළමු ටෙස්ට් ජයග්‍රහණයට මේ තරගාවලියේ උත්සාහ දරන බව කියද්දී ලෝක ටෙස්ට් අවසාන තරගයට පවා පැමිණෙනු ඇතැයි විශ්වාස කළ,එහෙත් අවාසනාවන්ත ලෙස නවසීලන්තයේදි පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එම කතාව යම් ආකාරයකට අභියෝගයක් විය හැකියි.
ශ්‍රී ලංකාවට මේ මොහොතේ ඇති සැනසුම් සහගත හැඟීමනම් තරග පැවත්වෙන්නේ ශ්‍රී ලංකාවේ වීමයි.එසේම එම ටෙස්ට් තරග දෙකම දඟ පන්දු යවන්නන්ට බෙහෙවින් හිතකර බවට සැළකෙන ගාල්ලේම වීමත් ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් වාසිදායක විය හැකියි.

මේ දක්වා ලැබෙන අවස්ථාවන්ට පහර දුන් නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුළත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් අමතක කර තිබෙනවා.මේ ආකාරයට ප්‍රවීන් ජයවික්‍රම ද ඇත්තේ සංචිතයෙන් පිටය.ශ්‍රී ලංකාව මීට වසර කිහිපයකට පෙර අවස්ථා දෙකකදී මහත් අභිමානයෙන් සහ විශ්වාසයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ හවුල් කරුවන් හැටියට ලසිත් ඇඹුල්දේණිය සහ ප්‍රවීන් ජයවික්‍රම යන පන්දු යවන්නන් දෙදෙනා හඳුන්වා දුන්නේය.ඒ අතරින් ලසිත් විදේශ තණතීරුවල ද සිය හපන්කම පෑවේය.
නමුත් කාලයත් සමඟ මේ දෙදෙනාගේම සාර්ථකත්වය යම් අකාරයකට හීන වී ඇති බව දකින්නට ලැබිණ.ඉනික්බිත් කැඳවීම ප්‍රභාත් ජයසූරිය ය.ඔහුගේ ආරම්භයද වාර්තාගත එකක් විය.ඔහු නවසීලන්ත සංචාරයේදි අසාර්ථක විය.නමුත් ඒ සංචාරය දඟ පන්දු යවන්නන්ට හිත කර එකක් නොවිණ.ඒ නිසා ප්‍රභාත්ගේ තත්ත්වය මේ සංචාරයේදි කිරා මැන බලන්නට හැකියාව ලැබෙනු ඇත.

වැදගත්ම අසාර්ථක වන විට ක්‍රීඩකයින් පිටතින් තැබීමය.නොතබන්නේනම් මාධ්‍ය පවා විවේචන එල්ල කරන්නේය.මේ ක්‍රීඩකයින් පිට වැටෙන පීඩනය ඇතුළේ කිසිවෙක් මේ වසර ගණනක දුර ඇතුළත සිඳුවන වෙනස්කම්වල ස්වභාවය ගැන කතා කරන්නේ නැත.දඟ පන්දු යවන්නන් ඒම සහ වේගයෙන් පිටව යෑම ගැන අප කතා කරත් කණ්ඩායමට එන විට ඉතා ඉහළ දක්ෂතා දක්වමින් කඩුලු දවා ගන්නා පන්දු යවන්නන් කණ්ඩායමට පිවිසි පසුව වෙනස් වන්නේ කෙසේ ද යන්න ගැන අවධානය යොමු වෙන්නේ අඩුවෙන්ය.
ඔවුන්ගේ දඟ කැවීම සම්බන්ධයෙන් කණ්ඩායමට ආ පසු ගැටළුවක් ඇති වන්නේ ද?යම් පසුබෑමක් සිඳුවන්නේනම් ඔවුන්ගේ පුහුණුකරුවන් ඊට වගකිය යුතු නොවේද?ඒ ගැන කිසිවෙක්ගේ අවධානය යොමු නොවන්නේ මන්ද?කණ්ඩායමට පැමිණෙන පළමු තරගවාරයේ දී ඔවුන් දවා ගන්නා කඩුලු ප්‍රමාණය කෙතරම් ද?පසු තරගාවලිවලදී ඒ තත්ත්වයේ අඩුවක් වේද?ඊට හේතු කවරේද?පන්දුව දඟ කැවිමේ සහ ශිල්පීය ගුණාංගවල යම් පසුබෑමක් තිබෙනවාද? ඊට හේතුව කවරක්ද යන්න විශේෂඥ දඟ පන්දු යැවිමේ පුහුණුකරුවන් සහ එම ක්‍රීඩකයින්ගේ පෞද්ගලික පුහුණුකරුවන් අතර සාකච්ඡාවක් ඇති කරාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව මේ තත්ත්වයන් සැළකිල්ලට ගන්නා බවත් පෙනෙන්නේ නැත.හැමවිටම පාවඩ සමඟ කන්ඩායමට ඇවිත් මල් කළඹවල් දි පිළිගන්න තත්ත්වයට පත් කරන දඟ පන්දු යවන්නන් මල් පරවෙන සේ ම පර වී යන අයුරු දකින්නට ලැබෙයි.මිට හේතුව කවරේද යන්නත් සොයා බැලිය යුතුයි.අඩුම තරමේ මේ සංචිතයට කැඳවා තිබෙන දුෂාන් හේමන්තගේ සිට හෝ මේ ක්‍රමය ආරම්භ කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කල්පනා කළ යුතුයි.

අයර්ලන්තය පරාජය කිරිම වගේම ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවට පරාජය වන කොටසක් ද තිබෙන බව ඉතිහාසය කියවිමෙන් අවබෝධ කර ගන්නට අවස්ථාව උදා වෙනවා නිසැකයි.ඒ නිසා ක්‍රිකට් ජයග්‍රහණය කරා ගෙන ඒමට මේ අයර්ලන්ත සංචාරයෙන් ඉනික්බිතිව හෝ ගෙවුණු අවුරුදු පහක පමණ කාලයේ ශ්‍රී ලංකාව ක්‍රිඩා කරපු තරග නරඹන්න.අසාර්ථකත්වයට හේතුව ක්‍රීඩකයා පමණක්ම ද?එකම ආකාරයෙන් ක්‍රීඩාවේ ශිල්පීය දක්ෂතාවල පසුබෑමක් දකින්නට ලැබෙනවානම් අඩුම තරමේ එයට වගකිව යුත්තන්ටත් අවවාදයකින් හෝ බලපෑම් කරන්න.ශ්‍රී ලංකා ක්‍රිකට් යනු පරද්දන්න අමාරු දෙයක් කියන කාරණය හැම විටම ලෝකය ඉදිරියේ අභියෝගයක් විදිහට තබන්නට උත්සාහ ගන්න.

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan