දකුණු අප්‍රිකාවේ පැවත්වෙන ලෝක සූරතා දැලපන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.ආසියානු සූරතාවය ශ්‍රී ලංකාවට දිනා දිමේදී කණ්ඩායමේ නායකත්වය දැරූ ගයංජලී අමරසිංහ සහ උප නායිකාව වූ දුලංගි වන්නිතිලක ද අවසන් දොළොස් දෙනා අතර සිටියත් නම් කරන ලද 12 දෙනාගේ සංචිතයට තවම නායිකාවක් පත් කර නැහැ.
මේ අතර නම් කරන මුල් 12 දෙනාට අමතරව ඔවුන්ගේ ගැටළුවක් පැන නැගුණහොත් ඒ සඳහා ආදේශ කිරිමට ක්‍රීඩිකාවන් තිදෙනෙක්ද දොළොස් දෙනාට අමතරව අතිරේක ක්‍රිඩිකාවන් ලෙස නම් කර තිබෙනවා.ඒ තිදෙනා අතර සිටින ඉමාෂා පෙරේරා යම් හෙයකින් මුල් දොළොස් දෙනා අතර සිටින තර්ජණිට ඕස්ට්‍රේලියාවේ සිට තරගාවලියට නොපැමිණියහොත් මුල් දොළොස් දෙනා අතරට උසස් කිරීමත් මේ තේරිමේදි නිර්දේශ වී තිබෙන බව වාර්තා වෙනවා.
පහතින් දැක්වෙන්නේ නම් කර සිටින දොළොස් දෙනා ඇතුළත්වන ප්‍රධාන සංචිතය සහ අතරේක ක්‍රීඩිකාවන් තිදෙනා සහිත නාම ලේඛණය යි.දැනට මෙම නාම ලේඛණය අමාත්‍යංශයට අනුමැතිය සඳහා ඉදිරිපත්ව තිබෙනවා.
1.ගයංජලී අමරවංශ
2.ගයනි දිසානායක
3.තිසාලා අල්ගම
4.සෙමිනි අලිවිස්
5.චතුරංගි ජයසුරිය
6.මල්මි හෙට්ටිආරච්චි
7.දුලංගි වන්නිතිලක
8.භාෂිනි යෝෂිතා
9.රෂ්මි පෙරේරා
10.ගයත්‍රි කෞෂල්‍යයා
11.ශානිකා පෙරේරා
12.තර්ජිනි සිවලිංගම්
අතිරේක
13.ඉමාෂා පෙරේරා
14.චමුදි වික්‍රමරත්න
15.රැක්ෂලා හපුආරච්චි
