බීමත් රියදුරන්ට දඩය රු.25,000/=

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අවුරුදු සමයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කර රථවාහන ධාවනය කරන රියැදුරන් ඇල්ලීමේ විශේෂ මෙහෙයුම මේ වනවිට අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි .

මෙම මෙහෙයුම සඳහා රථ වාහන හැසිරවීමේ නිලධාරීන් විශාල පිරිසක් දිවයින පුරා ප්‍රධාන නගර ආශ්‍රිතව යොදවා ඇතැයිද පැවසීය . වැඩිදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසීය .

“අවුරුදු දවස්වල ඇතැමුන් මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කරලා වාහන එලවන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ නිසා දැන් ඉඳලම රථවාහන පොලිස් නිලධාරීන් ප්‍රධාන නගරවල යොදවා තියෙනවා. බීලා අහුවුණොත් දඩය රුපියල් 25,000 යි. ඒ නිසා මේ දවස්වල මත්පැන් බීලා වාහන එලවන්න එපා කියලා රියැදුරන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා “

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...