බීමත් රියදුරන්ට දඩය රු.25,000/=

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අවුරුදු සමයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කර රථවාහන ධාවනය කරන රියැදුරන් ඇල්ලීමේ විශේෂ මෙහෙයුම මේ වනවිට අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි .

මෙම මෙහෙයුම සඳහා රථ වාහන හැසිරවීමේ නිලධාරීන් විශාල පිරිසක් දිවයින පුරා ප්‍රධාන නගර ආශ්‍රිතව යොදවා ඇතැයිද පැවසීය . වැඩිදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසීය .

“අවුරුදු දවස්වල ඇතැමුන් මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කරලා වාහන එලවන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ නිසා දැන් ඉඳලම රථවාහන පොලිස් නිලධාරීන් ප්‍රධාන නගරවල යොදවා තියෙනවා. බීලා අහුවුණොත් දඩය රුපියල් 25,000 යි. ඒ නිසා මේ දවස්වල මත්පැන් බීලා වාහන එලවන්න එපා කියලා රියැදුරන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා “

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...