ඉන්දියාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවේ වැඩිවීමක්

ඉන්දියාවේ දෛනිකව වාර්තා වන සක්‍රිය Covid-19 ආසාධිතයන් සීඝ්‍රයෙන් ඉහළ යන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ගත වූ පැය 24 තුළ වාර්තා වන ලද සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 10,158කි. මෙය මාස 7ට පසු වාර්තා වන ලද ඉහළම අගය ලෙස සැලකේ.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු වෛද්‍ය සංගමය ප්‍රකාශ්‍යක් නිකුත් කරමින් කියා ඇත්තේ, රට තුළ මෑත කාලීනව කොවිඩ් ආසාධිතයන් වැඩි වීමට Covid-19 හැසිරීම් ලිහිල් කිරීම, අඩු පරීක්ෂණ අනුපාතය සහ කොරෝනා වයිරස් ආසාදනයේ නව ප්‍රභේදයක් මතුවීම ආදිය බලපාන්නට ඇති බවයි.

මේ වන විට මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත අටක් ඉහළ කොරොන වයිරස් ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව ඉදිරි දින 10-12 තුළ තව දුරටත් ආසාධික රෝගීන් වාර්තා වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...