“රිලවුන් ගැන තීරණයක් අරන් නැහැ,” – කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීනය පුරා සත්ත්ව උද්‍යාන දහසක් පවත්වාගෙන යනු ලබන සමාගමක් විසින් රිළවුන් ලබාදෙන ලෙස ඉල්ලීම සිදුකර ඇති බවත් මේ දක්වා එම සතුන් ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, බී.බී.සී. සිංහල සේවය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධර්ම වන්නිනායක සඳහන් කර ඇත.

මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී, සේවය වෙත වැඩිදුරටත් තොරතුරු පැහැදිලි කර ඇත.

“චීනයේ එක සමාගමක්, ඒ කියන්නේ චීනයේ සත්ත්ව උද්‍යාන දහසක් වගේ පවත්වාගෙන යන සමාගමක්. ඒ සමාගම කියන්නේ ඔවුන්ගේ සත්ත්ව උද්‍යානවලට රිලවු නැහැයි කියලා. ඔවුන්ට දැනට සිටින ප්‍රමාණය මදියි. ලංකාවේ රිලවු ලක්ෂ 30ක් විතර සිටිනවා. ඒ නිසා ඉන් ලක්ෂයක් පමණ ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා.”

“ඒ ඉල්ලීම ආවට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට අපිට තනිවම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බැහැ. වනජීවී සහ වන සංරක්ෂණ පනත තියෙන්නේ අපේ යටතේ නෙමෙයි. ඒ නිසා සියලුම අංශ කැඳවලා සාකච්ජාවක් කළා. ඒකට වනජීවී දෙපාර්තමේන්තුව ආවා, සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඇතුළුව සියලුම අංශ ගෙනල්ලා සාකච්ජාවක් කළා.”

“දැනට තියෙන ප්‍රතිපාදන යටතේ සත්ත්ව උද්‍යාන වෙත සතුන් ලබාදීමේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සත්ත්ව උද්‍යාන සඳහා සතුන් ලබාදෙන්න පුළුවන්. රිලවා කියන්නේ ආරක්‍ෂිත ලැයිස්තුවේ සිටින සතෙක් නෙමෙයි. ඒ වුවත් මේ සම්බන්ධව වැඩිදුරටත් නීතිමය පසුබිමක් සකස් කරන්න අවශ්‍යයි කියලා අමාත්‍යතුමා පැවසුවා.”

“ඒ අනුව මේ කරුණ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරලා, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මේ නීතිමය කටයුතු සම්පාදනය කරන්න කමිටුවක් පත් කරන්න. එතකොට ඒ කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නියෝජනය කරනවා. ඒ කමිටුව රැස්වී ගන්නා තීරණය අනුව තමයි ඉදිරි තීන්දු ගන්නේ. ඒ ඇරෙන්න රිලවුන් චීනයට යවන්න මේ වෙද්දී තීරණයක් අරන් නැහැ,”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...