අධිවේගී මාර්ගයෙන් පණිවිඩයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය බොහෝ දෙනෙකු අධිවේගී මාර්ග භාවිත කරමින් හෙට (16) යළි කොළඹ ට පැමිණීමට නියමිත අතර සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ කාලය තුළදී අධිවේගයේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් සිදුවී ඇති අනතුරු ගණන 856ක් බවය.

2011 නොවැම්බර් 27 වනදා දක්ෂිණ අධිවේගයෙන් පළමු අධිවේගී මාර්ග අත්දැකීම ලද අප මේ වනවිට කටුනායක සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරීගම සිට කුරුණෑගල දක්වා කොටසද භාවිත කරනු ලබන අතර අධිවේගී මාර්ග භාවිතය ඉහළයාමත් සමග දිනෙන් දින එම මාර්ගවල සිදුවන අනතුරු ද ඉහළයාම සැලකිය යුතු කරුණකි. මාර්ග සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2022 දී පමණක් සිදුව ඇති ඇති අධිවේගී මාර්ග අනතුරු සංඛ්‍යාව 1,675කි.

එම අනතුරුවලින් පුද්ගලයින් 13 දෙනෙකුට දිවි අහිමිවී ඇති අතර තවත් 25 දෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර
මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ගෙවුණු මාස තුනහමාරට අයත් කාලයේදී පමණක් සිදුව තිබුණු අධිවේගී මාර්ග අනතුරු සංඛ්‍යාව 856 කි. ඉන් 6 දෙනෙකු මියගොස් තිබුණු අතර තවත් 14 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පැවසූවේ අධිවේගී මාර්ග අනතුරු ඉහළයාමට හේතුවී ඇත්තේ, වාහනයේ තත්ත්වය පිළිබඳව රියදුරා සතුව මනා අවබෝධයක් නොමැතිකම බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...