NBA තරගාවලිය: ලේකර්ස් සහ සෙල්ටික්ස් කණ්ඩායම්වලට තීරණාත්මක ජයග්‍රහණ…

රෂිකා හෙන්නායක අප්‍රේල් 25 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2026 වසරේ NBA පැපන්දු තරගාවලියේ තීරණාත්මක ජයග්‍රහණ කිහිපයක් වාර්තා වේ.

එහිදී ලෙබ්‍රොන් ජේම්ස්ගේ දක්ෂතා හමුවේ ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම හූස්ටන් රොකට්ස් කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ 3-0 ක පෙරමුණක් ලබා ගැනීමට සමත් විය.

මීට අමතරව, ජේසන් ටේටම්ගේ මෙහෙයවීමෙන් බොස්ටන් සෙල්ටික්ස් කණ්ඩායම ෆිලඩෙල්ෆියා සික්සර්ස් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කරමින් 2-1 ක් ලෙස ඉදිරියට පැමිණියේය.

වික්ටර් වෙම්බන්යාමා නොමැතිව වුවද සැන් ඇන්ටෝනියෝ ස්පර්ස් කණ්ඩායම පෝට්ලන්ඩ් ට්‍රේල් බ්ලේසර්ස් පරදවා තම තරගාවලියේ වාසිය තහවුරු කරගන්නා ලදී.