ඔලිම්පික් අනුග්‍රහයෙන් වෙනම බොක්සිං සංගමයක්

Date:

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය සමඟ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර දීර්ඝ කාලයක් තිස්සේ එකඟතාවයක් නොමැතිව ක්‍රියාත්මකවීම්වල ප්‍රකිපලයක් හැටියට මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදය ඇතිව නව ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයක් එළි දකිමින් තිබෙනවා.

මේ තත්ත්වය වර්ථමානයේ ජාත්‍යන්තර බොක්සිං ස්මමේලනය තරුණ හා කාන්තා පිරිස් සඳහා වැඩි අවස්ථාවන් විවෘත කරමින් ද,පුහුණුකරුවන් විනිසුරුවන් තීරඛයන් වශයෙන් අලුත් දක්ෂයන් නිර්මාණය කරමින් ද බොක්සිං සංවර්ධනය සඳහා ගෙන යන වැඩ පිළිවෙලට පහරක් විය හැකියි.නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රිඩාවක් හැටියට ඔලිම්පික් පවත්වාගෙන යාම කෙරෙහි යම් එකඟතාවයක් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයට ද තිබිය යුතු බැවින් මේ නව ප්‍රවනතාවය කළමණාකරණය කරගෙන පවතින තත්ත්වයෙන් බොක්සිං ක්‍රියාත්මක කර ගැනීමේ වැඩ පිළිවෙලක් ලෝකයට අවශ්‍යය වෙනවා.

කෙසේ නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුදැණුම ඇතිව නව බොක්සිං ක්‍රියාන්විත කමිටුවක් පත්කර තිබෙන අතර පහත දැක්වෙන්නේ එම කමිටුවයි.බොක්සි පරිපාලනයට සම්බන්ධ පිරිස් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මේ කමිටුවට ඇතුළත් කර තිබෙනවා.

▪ මැතිව් හෝල්ට්, ප්‍රධාන විධායක, GB Boxing
▪ ටයිසන් ලී, සභාපති, USA Boxing
▪ කැරින් මැට්ස්සන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ස්වීඩන් බොක්සිං සම්මේලනය
▪ මයිකල් මුලර්, මහලේකම්, ජර්මානු බොක්සිං සංගමය
▪ කරීනා පික්සන්, බොක්සිං තරඟ නිලධාරිනිය, පිලිපීනය

▪ ලෝරන් ප්‍රයිස්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නියෝජිතයා
▪ රිචඩ් ටොරාස් ජූනියර්, මලල ක්‍රීඩක නියෝජිත
▪ බොරිස් වෑන් ඩර් වෝර්ස්ට්, සභාපති, නෙදර්ලන්ත බොක්සිං සම්මේලනය
▪ කීත් වෝකර්, සභාපති, බොක්සිං නවසීලන්තය
▪ සයිමන් ටූල්සන්, අන්තර්වාර මහලේකම් (ඡන්ද අයිතිය නොමැතිව)

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...