හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ මෑණියන් වන කාමලිකා ශ්‍රීයා කරුණානායක මහත්මිය අද (17) දින අභාවප්‍රාප්ත වී තිබේ.

පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ කරුණානායක මහත්මිය මිය යන විට 82 හැවිරිදි වියේ පසුවූවාය.

කාමලිකා ශ්‍රීයා කරුණානායක මහත්මිය හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන පාලන සමයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කර ඇත.

හෙට (18) දින ප.ව. 01 සිට බොරැල්ලේ AF රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ ඇගේ දේහය තැන්පත් කිරීමට නියමිත අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 19 වන දින ප.ව. 4.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (1) සිට ක්‍රියාත්මක පොලිතීන් බෑග් නීතිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : අද (1) සිට...

සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් 05ක් තියුණු ආයුධ සමග අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොලඹ LNW : පොලිස් විශේෂ කාර්ය බලකාය...

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයෙක්!

කොළඹ LNW:විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස බස්නාහිර...

ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමග මෙරරට ආ අමුත්තෝ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොළඹ LNW : පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ...