අධික උෂ්ණත්වය ගැන අද දිනයේත් දිස්ත්‍රික්ක 08 කට අවවාදාත්මක නිවේදනයක්!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): පවතින අධික උෂ්ණත්වය හමුවේ, අද (18) දිනයේත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තාප දර්ශකයේ “අවධානය” (Caution) මට්ටමේ නිවේදන නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම “අවධානය” මට්ටමේ අවවාද නිකුත් කර තිබේ.

මේ අතර, අද දිනයේ සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මුහුදුබඩ කලාපය:

වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ:
කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි, සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. 
මුහුදේ ස්වභාවය:
මඩකලපුව සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශමද වශයෙන් රළු වේ.  දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...