අතුරුදහන් වූ මහබැංකු මුදල් සොයා විමර්ශන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහ බැංකුවේ භූගත තුන්වැනි මහලේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොටුව පොලිසියට ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවී ඇති අතර , මෙසේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදල කිසියම් පුද්ගලයකු සොරා ගත්තේ ද එසේත් නැතිනම් අතපසුවීමකින් බැංකුවෙන් පිටවූයේ ද යන්න මෙතෙක් හෙළිකර ගැනීමට පොලිසිය සමත්වී නැත.

මේ පිළිබඳ පොලිසියට කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ මුදල් ගබඩා කර තිබෙන කාමරවල නිසි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ නිසා බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම මුදල් අතුරුදන්වූ කාමරයේ සී සී ටී වී කැමරා පවා සවිකර නොතිබූ බව විමර්ශකයෝ පවසති. එමෙන්ම මෙම මුදල් ගබඩා කාමර වෙත, ලැබෙන මුදල් මෙන්ම ඒවා පිට කරන ආකාරය පිළිබඳව නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ද විමර්ශකයෝ පවසති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇති බව ද වාර්තා වෙයි. රටපුරා බැංකුවලට මුදල් බෙදා දෙන මෙම ඒකකය නිලධාරීන් 15 දෙනකුගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන බව හෙළිවී ඇත.

එම මුදල් භාරව සිටි නිලධාරීන් 15 දෙනාගෙන් කොටුව පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ. එහෙත් අතුරුදන්වූ ලක්ෂ 50 ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ මේ වනතුරු කිසිදු හෝඩුවාවක් ලැබී නැත. මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් රහස් පොලිසිය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...