සංචාරකයින් හාරලක්ෂයේ ඉලක්කය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සංචාරකයින් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය එලබෙන 20 වනදා වනවිට සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළ අතර , මේ මාසයේ ගත වූ කාලය තුළ සංචාරකයින් 55,000ක් පමණ පැමිණ ඇති බව ඔහු පවසයි .

“සංචාරයින් පැමිණීමේ වැඩිවීමක් පෙන්නුම්කරනවා. 16 වනදා වෙද්දි මේ මාසයට විතරක් සංචාරකයින් 55,000ක් පමණ ඇවිල්ලා තිබුණා. ඒ අනුව ගත්විට හාරලක්ෂයකට කිට්ටු වෙන්න සංචාරකයින් ප්‍රමාණයක් ඇවිල්ල තියෙනවා. අපි බොහෝදුරට බලාපොරොත්තු වෙනවා 20 වනදා වෙනකොට සංචාරකයින් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය ඉක්මවයි කියලා. මේ මාසය ගත්විට වැඩියෙන්නම සංචාරකයින් පැමිණිලා තියෙන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ රුසියාවෙන්. හැබැයි ජනවාරි සිට අද වෙනතුරු ගත් විට රුසියාවෙන් තමයි වැඩිපුර ප්‍රමණයක් ඇවිත් තියෙන්නේ. ඊළඟට ඉන්දියාවෙන්. අපි චීනයෙන් බලාපොරොත්තු වුණ තරමට සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩි වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා එන මාසයේ වගේ චීනයෙන් එන සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිවෙයි කියලා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...