*
Thursday, September 26, 2024
spot_img

Latest Posts

ආසියාව දිනන්න යන යෞවනයන් අතරට දිනපු දෙන්නෙකුත්

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හි දී අප්‍රේල් 27 සිට අප්‍රේල් 30 දක්වා පැවත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන්නට ඉකුත් වසරේ කුවේට් හී පැවති මලල ක්‍රීඩා සූරතාවලියේ දී පදක්කම් අතරට පැමිණි යොවුන් ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් මෙවරද ඇතුළත්ව සිටියි.උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනු කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ලෙසඳු අර්ථවිඳු සහ මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කම දිනූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ කසුනි නිර්මලි වික්‍රමසිංහ එම දෙදෙනායි.

මෙවර ආසියානු යොවුන් තරගාවලියකට රිටි පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් පළමුවරට ක්‍රිඩකයෙක් ඇතුළත්ව සිටියි.ඔහු තුෂේන් මලින්දරත්න සිල්වා යි.තුෂේන් මීගමුව මාරිස්ටෙල්ලාවේ සිසුවෙකි.දික්වැල්ල විජිත විද්‍යාලයේ නිලුපුල් පැහැසර තේනුජ උස පැනීම ඉසව්ව නියෝජනය කරයි.අඹගමුව මධ්‍ය විද්‍යාලය නියෝජනය කරන අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු ඉසව්ව නියෝජනය කරන අතර ගාල්ල මහින්දයෙන් පැමිණෙන ජාත්‍යා කිරුළු නියෝජනය කරන්නට නියමිතව ඇත්තේ මීටර් 400 ඉසව්වයි.
කසුනිට අමතරව වික්‍රමබාහු විද්‍යාලයෙන්ම තරග වඳින දුලංජනා ප්‍රදීපනී වික්‍රමසිංහ මීටර් 1500 ඉසව්ව නියෝජනය කරයි.කසුනි සහ දුලංජනා වෙනුවෙන් කාන්තාවන් භාර නිලධාරිණිය වීමේ වගකීම දරන්නට ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයම නියෝජනය කරමින් එහි ගුරුවරියක වන චතුරංගි විරක්කොඩි මෙම කණ්ඩායමට එක්වන අතර කණ්ඩායම් පුහුණුකරු වන්නේ ද එම විදයාලයේ මලල ක්‍රීඩා පුහුණුකරු බුද්ධික නුවන් මධුශංකයි.කණ්ඩායම් කළමණාකරු ලෙස සංචාරයට එක්ව සිටින්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයෙක් වන බන්ධනාගර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක් වන චන්දන ඒකනායකයි.

පැනීම් ඉසව් සඳහා ක්‍රීඩකයින් තිදෙනෙක්ම සහභාගි වන අතර ඒ අතර ඉකුත් වසරේ පදක්කම්ලාභියෙකුද වන බැවින් එම තාක්ෂණික කරුණු පිළිබඳ වැඩි අවබෝධයක් ඇති අයෙක් ද මේ සංචාරයට නිලධාරියෙක් ලෙස එක් කරන්නට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අවධානය යොමු විණි නම් එය එම ක්‍රිඩකයන්ට තරග වැදීමේදි විශාල පිටුවහලක් වන්නට තිබිණ.නමුත් රටේ පවතින ආර්ථික දුෂ්කරතා මත අවම පහසුකම් යටතේ ක්‍රීඩකයින්ටද යම් පිඩාවක් දෙමින් මේ සංචාරය සඳහා සූදානම් විම මේ වන විට මේ ආකාරයෙන් විසඳා ගන්නට හැකිවීම යහපත් දෙයකි.
තරගාවලියේ සම්පූර්ණ කාල සටහනට පහත සබැඳියෙන් පිවිසිය හැකියි.

https://en.uzathletics.uz/news/news_post/competition-schedule

ඒ අනුව අප්‍රේල් 27 වන ආරම්භක දිනයේ පෙරවරු 11.45 ට පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික තරගවලට ජාත්‍යා කිරුළු සහභාගි වන අතර එදින පස්වරු 5.05 ට පිරිමි රිටි පැනීමේ ඉසව්ව සඳහා තුෂේන් සිල්වා සහභාගි වෙයි.මීටර් 400 ඉසව්වේ අවසාන පූර්ව තරග ද එදිනම පස්වරු 6.10 ට පැවත්වීමට නියමිතය.පස්වරු 6.35 ට බාලිකා මීටර් 1500 ඉසව්ව පැවත්වෙන අතර ඒ සඳහා දුලංජනා වික්‍රමසිංහ සහභාගි වන්නීය.

දෙවන දිනයේ ජාත්‍යා පළමු දිනයේ දක්වන දස්කම් අනුව පස්වරු 6.10 ට පැවත්වෙන් මීටර් 400 තරගය නියෝජනය කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු සහ ඒ සඳහා ඔහුට සුබ පතන්නෙමු.තෙවන දිනයේ පසුවරුවේ දි ඉකුත් වසරේ මෙම තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභි ලෙසඳු අර්ථවිදු සහ මෙවර ඔහු සමඟ එක්වන නිලුපුල් පැහැසර උස පැනීමේ තරගයට එක්වන අතර,පස්වරු 8.02 ට පැවත්වෙන බාලිකා මීටර් 800 ඉසව්වට ඉකුත් වසරේ එම ඉසව්වේ රිදී පදක්කම දිනූ නිර්මලී වික්‍රමසිංහ සහභාගි වන්නීය.බොහෝ විට කළමණාකාර රැස්වීමේදි සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අදහස අනුව ඉඩක් පවතීනම් නිර්මලීව, පළමු දිනයේ මීටර් 1500 ඉසව්ව ද දුලංජනා සමඟ නියෝජනය කිරිම සඳහා ඉදිරිපත් කරන්නට ඉඩක් ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan