අකුරණ ප්‍රහාරයක් ගැන බොරු ඇමතුමක් දුන් මවුලවි රිමාන්ඩ්

Date:

අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට 118 හදිසි දුරකථන ඇමතුම් අංකයට අමතා අසත්‍ය තොරතුරක් ලබාදුන් පුද්ගලයාව මැයි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඉෂදික් මොහොමඩ් නම් 21 හැවිරිදි මවුලවිවරයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (22) උදෑසන මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මොහුව අත් අඩංගුවට ගෙන තිබිණි.

CID ය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ඇමතුම තමන් විසින් ලබාදුන් බව සැකකරු පිළිගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඔහු වෙනත් පාර්ශ්වයකගේ වුවමනාව හෝ මෙහෙයවීම මත මෙම ඇමතුම ලබාදුන්නේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් වාර්තා විය.

මෙම සැකකරු විසින් ලබාදුන් අසත්‍ය තොරතුරු නිසා දින කිහිපයක් තිස්සේම අකුරණ ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: මේ වන විට ලංකාවේ...

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...