පිරිත් ව්‍යාපාර ඇරඹෙයි

Date:

යම් යම් පුද්ගලයන් කොවිඩ් උත්සන්න වීමත් සමඟ ආගමික ස්වරූපයෙන් එය සුව කිරිමේ මැදිහත්විමක් පෙන්වමින් පිරිත් නූල් බෙදීම සහ පිරිත් පැන් බෙදීම වැනි ක්‍රියාවලට යොමු වීමේ වැඩ සටහන් ආරම්භ කරමින් තිබෙන බව දැන ගන්නට ඇත.අද එවැනි සංවිධානයක් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙක් මහරගම ප්‍රදේශයේ දහම් මාවත ප්‍රදේශයේ වියන් දමා සැකසූ ලොරි රථයකින් පිරිත් නූල් බෙදන අයුරු දැක ගන්නට ලැබිණ.එම රථයේ මේ සත් ක්‍රියාවට ආධාර වශයෙන් මිනිසුන්ට උපකාර කිරීමට පිං කැටයක්ද තබා තිබිණ.

ඇතැම් වෛද්‍යවරු ද පසුගිය කාලයේ පිරිත් සජ්ජායානා කරමින් මේ රෝගයෙන් යම් ගැලවීමක් ලබන්නට හැකි ආකාරයේ ප්‍රකාශ කරමින් ජන මනස තුළ වැරදි චිත්‍රයක් මවා පෙන්නන්නට උත්සාහ කරනු පෙණින.එවැනි තත්ත්වයක මෙවැනි ක්‍රියාවලට විරුද්ධව රජය සමඟ සම්බන්ධතා ඇති වෛද්‍යවරුන්ට එරෙහිව යන්නට ඇති බිය නිසා කොවිඩ් නිරෝධායනයේ වගකීම් පැවරී ඇති පුද්ගලයන්ටද ප්‍රකාශයක් කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ඉදිරියේදී මේ තත්ත්වය රට පුරා ව්‍යාප්තවිමට ඇති ඉඩ සම්බන්ධයෙන් පෙන්වා දුන් සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ අයෙක් ප්‍රකාශ කරේ මෙවැනි තත්ත්වයකට එරෙහි වුවහොත් එම නිලධාරින් ඉලක්ක කර රජයට සම්බන්ධ ආගමික නායකයන් අදාළ නිලධාරීන්ගේ වෘත්තීය පැවත්මට හානි වන අන්දමේ ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බවය.මේ තත්ත්වය ගම් මට්ටමේ ජනාකීරණ ස්ථාන කරා යොමු වූ විට මිනිස්සු පිරිත් නූල් ගන විශ්වාසයෙන් රොඳ බඳින්නට ඉඩ ඇති බව පැවසූ හෙතෙම රටේ සාමාන්‍ය ජනතාවගේ විද්‍යාව සම්බන්ධ විශ්වාසය තේරුම් ගැනීමට ධම්මික පැණිය උදාහරණයක් ලෙස ගෙන පෑවේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...