එක්ස්ප්‍රස් පර්ල් අබිරහස් ගැන විපක්ෂ නායක සජිත් එකින් එක ප්‍රශ්න කරයි.

Date:

මෙරට සුවිශාලතම සමුද්‍ර දූෂණයකට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වී මේ වනවිට වසර 2කට ආසන්න කාලයක් ගත වී ඇත. පසුගිය කාලය පුරාවට විද්වතුන් රැසකගෙන් සමන්විත වූ කණ්ඩායමක් විසින් මෙරට සාගර පරිසරයට සිදු වූ හානිය පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කෙරුණි. ඒ අනුව, ඔවුන් විසින් එ.ජ.ඩො. බිලියන 6.4ක හානියක් සිදුව ඇති බවට ඇස්තමේන්තු කර ඇති නමුත්, වන්දි ලෙස මෙතෙක් ලැබී ඇත්තේ නොසැලකිය තරම් වන සුළු මුදලක් පමණක් බව වාර්තා වේ. එසේ වුවද, ආණ්ඩුව මේ දක්වා මෙම සිදු වූ හානිය වෙනුවෙන් වන්දි මුදල් ලබා ගැනීමට අදාලව නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇත. එමෙන්ම, මෙම වන්දි මුදල් ලබා ගැනීම සඳහා නඩු පැවරීමට ඉතිරිව ඇත්තේ ද තවත් දින කිහිපයක් පමණක් බව වාර්තා වේ. එබැවින්, මෙරට සමුද්‍රීය පරිසරයට, ජීවීන්ට මෙන්ම ධීවර ප්‍රජාවට ද අති විශාල හානියක් ගෙන දුන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කළ යුතුව ඇත.    

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27/2යටතේ විශේෂ ප්‍රශ්නයක් අසනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...