දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය – මුදල් රාජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Date:

දේශීය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයකට එළඹී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම සඳහා අනුමැතිය ලබාදීමට පෙර ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමට ඔවුන් සමග අඛණ්ඩ සාකච්ඡා සිදුකිරීමට සමගාමීව වාණිජ ණය හිමියන් සමග ද සද්භාවයෙන් යුතුව සාකච්ඡා සිදුවූ අතර රාජ්‍ය ණය සම්බන්ධයෙන් ගනු ලබන පියවර මගින් ණය හිමියන්ට දැරීමට සිදුවන පීඩනය විදේශීය සහ දේශීය ණය හිමියන් අතර බෙදීයාමේ අවශ්‍යතාවය ඔවුන් විසින් අවධාරණය කරන ලදී. එබැවින් ණය තිරසරභාවය සම්බන්ධ ඉලක්ක සපුරාලීම සහ ණය තිරසරභාවය නැවත යථා තත්වයට පත්කිරීම සඳහා දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රම පිළිබඳව සලකා බැලීමටත් හඳුනාගත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පියවර ගැනීමටත් රජය විසින් කටයුතු කරන ලදී. දේශීය ණය ප්‍රශස්ථකරණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නිර්ණායක පිළිබඳ තීරණය තවමත් අවසන් කර නැත. සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදයේ ක්‍රමෝපාය සම්බන්ධ අවසාන තීරණ ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ රජය විසින් කඩිනම් නිවේදනයක් නිකුත් කරනු ඇත”

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...