මැතිවරණයක් තිබ්බොත් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන් දිනනවා  – යූ. පී. දිගම්බරම්

0
1537

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රට පාලනය කලහැකි අයකුට රට බාරදියයුතු බවත් , වර්තමාන ආණ්ඩුව මැතිවරණක් සඳහා යාම ප්‍රමාද කරනුයේ  එසේ කළහොත් ආණ්ඩුව අන්ත පරාජයක් ලබන  නිසා බවත් , පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.පී දිගම්බරම් මහතා පැවසීය .

එබැවින් 2024  වසරේ ජනාධිපතිවරණයට යාමට වර්තමාන රජයේ අරමුණ බව දිගම්බරම් මහතා පවසයි . එයට පසුබිම් සාධක ලෙස අලුත් ආණ්ඩුකාරවරයා , අලුත් අමාත්‍යවරුන් පත්කරමින් මැතිවරණය ජයග්‍රහණය කිරීමට කටයුතු කරමින් සිටින බව දිගම්බරම් මහතා පවසයි .

කෙසේවෙතත්  ඊළඟ මැතිවරණය අනිවාර්යයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව කිසිවෙකුටත් වැලැක්වීමට නොහැකි බව මන්ත්‍රීවරයා පවසයි .

ආණ්ඩුව මොනවා කීවත් ජනතාව විශාල අර්බුදයකට මුහුණ දී ඇති අතර ආහාර පාන මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් ,බදු බර දරාගත නොහැකි බවත් දිගම්බරම් මහතා පෙන්වා දෙයි.

එබැවින් ඉදිරි ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බවත් ඉන්පසු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බලාපොරොත්තු වන බවත් දිගම්බරම් මහතා පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??